”රට නැවත ගොඩනැගීමට වසර පහක් යනවා” – සජිත් ප්‍රේමදාස

තවදුරටත් ආණ්ඩුවට රට කරගෙන යාමට නොහැකි බැවින් ජනාධිපති අගමැති ප්‍රමුඛ ආණ්ඩුව වහාම ඉල්ලා අස්වීම හැර වෙනත් විකල්පයක් නැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

දුර්දාන්ත ආණ්ඩුව පලවා හැරීම වෙනුවෙන් විපක්ෂය විසින් ජනතා අරගලය ආරම්භ කරන බවත් ඒ වෙනුවෙන් පක්ෂ පාට භේද අමතක කොට පෙරට පැමිණෙන්නැයි මහජනතාවගෙන් ඉල්ලීමක් කරන බවත් ඔහු කියනවා.

රටට එරෙහි එක් කල්ලියක් හෝ පුද්ගලයකු ආරක්ෂා කිරීම වෙනුවට රටේ ජනතාව ආරක්ෂා කිරිම වෙනුවෙන් කැපවෙන ලෙස ආරක්ෂක අංශවලින් ද ඉල්ලීමක් කරන බවයි විපක්ෂ නායකවරයා කියන්නේ. දින 5කින් මාස 5 කින් මේ රටේ පවත්නා ප්‍රශ්න ක්ෂණිකව විසඳිය නොහැකි බැවින් තවදුරටත් මේ රටේ ජනතාව රැවැට්ටවවීමට හෝ ඇන්දවීමට කවුරුන් හෝ කටයුතු කරනවානම් එය අවාසනාවන්ත තත්ත්වයක් බව විපක්ෂ නායකවරයාගේ අදහසයි.

මේ රට නැවත ගොඩනැගීම වෙනුවෙන් වසර පහක කාලයක් අවම වශයෙන් ගතවන බවත් ඉන් මෙහා මේ රට ගොඩනගන බවට කියන කතා නිශ්ඵල බවයි ඔහු පවසන්නේ.

POPULAR

Recent articles