බිස්කට් නිෂ්පාදකයින් ඉහළ මිලට හේතු කියයි

දේශීයව නිෂ්පාදනය කරන බිස්කට් හා අනෙකුත් රසකැවිලි නිෂ්පාදකයින් තම නිෂ්පාදනවල ඉහල මිලට අදාළ චෝදනාවලට ප්‍රතිචාර දක්වා තිබෙනවා.

මාධ්‍ය හමුවක් කැඳවමින් ඔවුන් පෙන්වා දෙන්නේ ඩොලර් අර්බුදය මධ්‍යයේ නිෂ්පාදනය සඳහා ‘A’ ශ්‍රේණියේ තිරිඟු පිටි ආනයනය කිරීම නිෂ්පාදන කිහිපයක මිල ඉහළ යාමට හේතු වී ඇති බවයි.

මැයි මාසයේදී තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල රු. 74ක් වන අතර මේ වනවිට එහි මිල රු. 290 – 300 අගයක් ගන්නවා.

දේශීය නිෂ්පාදකයින් මාධ්‍ය අමතමින් අනාවරණය කර සිටියේ “මෙය 277% ක මිල වැඩිවීමක්” බවයි.

තම නිෂ්පාදනවල මිල ඉහළ යාමට මූලික හේතුව ලෙස ඔවුන් පවසන්නේ ඩොලරය අර්බුදකාරී කාලසීමාව තුළ හොඳ තත්ත්වයේ තිරිඟු පිටි ආනයනය කිරීම සඳහා මුදල් වැය කිරීමයි.

POPULAR

Recent articles