රුසියා – යුක්‍රේන යුද්ධය ලංකාවේ තේ අපනයනට බාධාවක්

ශ්‍රී ලංකාවෙන් තේ මිලදී ගන්නා ප්‍රධාන ගැනුම්කරුවෙක් වන රුසියාව හා යුක්‍රේනය අතර මේ වන විට උද්ගත වී ඇති යුද්ධමය තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකා තේ කර්මාන්තයට බලපෑමක් එල්ල වෙමින් පවතින ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ නිලධාරියෙකු මාධ්‍යට පවසා තිබෙනවා.

රුසියාව සාමාන්‍යයෙන් වසරකට තේ කිලෝ මිලියන 25 ත් 30 ත් අතර ප්‍රමාණයක් මිලදී ගන්නා බවත් පසුගිය ජනවාරි මස ද තේ කිලේ මිලියන දෙකකට අධික ප්‍රමාණයක් රුසියාවට අපනයනය කළ බවත් එම නිලධාරියා පෙන්වා දෙනවා.

රුසියාව යුද්ධය ආරම්භ කිරීමට පෙර ඇනවුම් කළ තේ මේ වන විටත් යොමුකර ඇති බව කී එම නිලධාරියා රුසියාව හා යුක්‍රේනය අතර යුද්ධය තව දුරටත් වර්ධනය වුවහොත් නව ඇනවුම් ලැබීම ද අඩු වනු ඇති බව ද සඳහන් කර සිටිනවා.

POPULAR

Recent articles