හිටපු ආරක්ෂක ලේකම් සියලු චෝදනා වලින් නිදහස් කෙරේ

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වැළැක්වීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට එරෙහිව එල්ල වී තිබූ සියලු චෝදනාවලින් ඔහු නිදොස් කොට නිදහස් කිරිමට කොළඹ මහාධිකරණය මීට සුළු මොහොතකට පෙර නියෝග කර තිබෙනවා.

ඒ එම නඩු නාමල් බලල්ලේ, ආදිත්‍ය පටබැඳිගේ හා මොහොමඩ් ඉර්සදීන් යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද (18) කැඳවූ අවස්තාවේදීයි.

කෙසේ වුවද හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර හා හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට එරෙහිව නීතිපතිවරයා පැවරූ මෙම නඩු දෙකෙන් ඔවුන්ට වෙන් වෙන්ව අධිචෝදනා 855 බැගින් ගොනුකර තිබුණා.

POPULAR

Recent articles