ලෝකය හමුවේ ශ්‍රී ලංකාව තවත් පහළට

ගෝලීය ශ්‍රේණිගත කිරීම් සමාගමක් වන S&P Global සමාගම ශ්‍රී ලංකාවේ බැඳුම්කරවල ශ්‍රේණිගත කිරීම ‘D’ දක්වා පහත දමා තිබෙනවා.

‘D’ ශ්‍රේණි ගත කිරීමෙන් අදහස් කරන්නේ ශ්‍රී ලංකාව බැඳුම්කර සඳහා මුදල හා පොලිය ගෙවීම පැහැර හරින බවයි.

මෙම වසර මුලදී බැඳුම්කර සඳහා ගෙවීම් පැහැර හරින ලද ශ්‍රී ලංකාව පුද්ගලික ණය හිමියන්ගෙන් මේ දක්වා ඇමරිකා එක්සත් ජනපද ඩොලර් බිලියන 12 ක මුදලක් ණයට ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.

S&P Global සමාගම බැඳුම්කර සඳහා ලබා දෙන පහළම ශ්‍රේණිය ‘D’ වනවා. ආයෝජකයින්ගේ අවධානය දිනා ගැනීමට ඉහල පොලී අනුපාතයක් පිරිනමනු ලැබුවත් ‘D’ ශ්‍රේණියේ බැඳුම්කර ඉහල අවදානමක් සහිත ආයෝජන කලාපයට අයිති වීම හේතුවෙන් ‘D’ ශ්‍රේණියේ ආයෝජනය කිරීමට ඇතැම් ආයෝජකයන් අකමැත්තක් දක්වනවා.

POPULAR

Recent articles