මහ කන්නයට අවශ්‍ය යූරියා පොහොර ආනයනයට පියවර

මහ කන්නය සඳහා යූරියා මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

කොමර්ෂල් පෙහොර සමාගමේ සභාපති, මෙත්සිරි විජේගුණවර්ධන සඳහන් කරන්නේ ඔක්තොම්බර් මුල් සතියේදී එම පොහොර තොග මෙරටට ලැබෙන බවයි.

හෙක්ටෙයාර් ලක්ෂ 8 ක භූමි ප්‍රමාණයක් පුරා මෙවර මහ කන්නය සඳහා වී වගා කිරීමට සැලසුම් කර ඇති බවද ඔහු පෙන්වා දෙනවා.

කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරන්නේ මෙවර මහ කන්නයේ වගා කටයුතු සැප්තැම්බර් 15 වනදා ආරම්භ කරන බවයි.

කොමර්ෂල් පෙහොර සමාගමේ සභාපති මෙත්සිරි විජේගුණවර්ධන සඳහන් කරන්නේ දැනට ඉතිරිව පවතින යූරියා පොහොර තොග, මහ කන්නයේ මුලින් වගාව ආරම්භ කරන දිස්ත්‍රික්ක වෙත බෙදා හැරීමට කටයුතු කරන බවයි.

POPULAR

Recent articles