පාකිස්තාන පාර්ලිමේන්තුවේ ආහාරවල කැරපොත්තෝ

පාකිස්තාන පාර්ලිමේන්තුවේ භෝජනාගාර දෙකක් සීල් තැබීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

ඒ එම භෝජනාගාරවලින් ලබා ගත් ආහාරවල කැරපොත්තන් සිටින බවට යැයි මැති ඇමැතිවරුන්ගෙන් පැමිණිලි ලැබීමත් සමඟයි.

පැමිණිලි ලැබීමත් සමඟ ඉස්ලාමාබාද් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පාර්ලිමේන්තු සංකීර්ණයට හදිසියේ කඩා පනිමින් භෝජනාගාර පරීක්ෂාවට ලක් කළ බවත්, ඉන්පසු ඔවුන් භෝජනාගාර මුද්‍රා තැබීමට තීරණය කළ බවත් පාකිස්තාන මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

එම වැටළීමෙන් පසු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මාධ්‍ය වෙත පවසා ඇත්තේ මුද්‍රා තැබූ එම භෝජනාගාර දෙකම ඉතාමත් අපිරිසුදු තත්ත්වයෙන් පැවැති බවයි.

POPULAR

Recent articles