සමුද්‍රීය නිරීක්ෂණ ගුවන් යානයක් ඉන්දියාවෙන් අද (15) මෙරටට

ඉන්දීය නාවික හමුදාවට අයත් ඩෝනියර් 228 සමුද්‍රීය නිරික්ෂණ ගුවන් යානයක් අද (15) දිනයේ මෙරටට ලබාදීමට නියමිතව තිබෙනවා.

ඒ අදට යෙදී ඇති ඉන්දීය නිදහස් දිනයට සමගාමීවයි.

ඉන්දීය රජය මගින් ශ්‍රී ලංකා රජය වෙත එවැනි යානා 3ක් ලබාදීමට නියමිත අතර මෙය එහි පළමු යානාව වනවා.

2018 වසරේ නව දිල්ලි නුවරදී දෙරටේ ආරක්ෂාව පිළිබඳව පැවති සාකච්ඡාවකදී ශ්‍රී ලංකාව කළ ඉල්ලීමකට අනුව ඉන්දියාව එකඟ වී තිබුණේ මෙම යානාව ආරම්භක වසර දෙක සඳහා නොමිලේ ලබා දීමට යි.

මෙම යානය ලබාදීමෙන් අනතුරුව ඉන්දීය තාක්ෂණික නිලධාරීන් පස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණෙන බව ද මීට අදාළව පසුගිය මාර්තු මාසයේ අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත්කර ඇති ලියකියවිලිවල සඳහන් වනවා.

මෙම යානය සමුද්‍ර නිරීක්ෂණ, ඔත්තු බැලීම් හා මුදාගැනීම් ශ්‍රී ලංකා මුහුදේ සුවිශේෂී ආර්ථික කලාපය තුළ සහ ශ්‍රී ලංකා ගුවන් අවකාශය තුළ සිදු කිරීමට නියමිතයි.

POPULAR

Recent articles