“ඩොලරයට සාපේක්ෂව ඖෂධ මිල සංශෝධනයට පියවර” – සෞඛ්‍ය ඇමති

ඖෂධ මිල සංශෝධනය සති දෙකකට වරක් සිදු කිරීමේ තීරණය, ක්‍රියාවට නැංවිම පියවර ගෙන තිබෙනවා.

ඒ එම අවස්ථාවේ පවතින ඩොලරයේ අගයට සාපේක්ෂවයි.

සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන සඳහන් කරන්නේ ඖෂධ මිල ගණන් පා කරන්නැයි විවිධ පාර්ශ්ව කරනු ලබන ඉල්ලීම් සමග තමන් කිසිසේත් එකඟ නොවන බවයි.

ඩොලරයේ අගයට සාපේක්ෂව, මිල ගණන් සංශෝධනය කරමින් රෝගීන්ට අවශ්‍ය ඖෂධ හිඟයකින් තොරව ලබා දීමට අවශ්‍ය පියවර ගන්නා බව ද අමාත්‍යවරයා සඳහන් කර සිටිනවා.

මේ අතර ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය රසිත විජේවන්ත පැවසුවේ දැනට ඖෂධ වර්ගවලින් 40%ත් 60% ත් අතර ප්‍රමාණයක් ගැසට් මගින් මිල පාලනය වන බවයි.

රුපියලට සාපේක්ෂව ඩොලරයේ අගය ඉහළ යාමත් සමග ඖෂධ මිල 29% කින් ඉහළ දැමීමට මීට පෙර කටයුතු කළ බව ඔහු පැවසුවා.

POPULAR

Recent articles