6 වන දා ආණ්ඩුව ගෙදර නොගියොත් මැයි 11 වන දා සිට අඛණ්ඩ හර්තාලයක්

රට පුරා ලබන 6 වන දා සිදුකරන හර්තාලයෙන් පසුවත් ආණ්ඩුව ගෙදර නොගිය හොත් මැයි 11 වන දා සිට අඛණ්ඩ හර්තාලයක් රට පුරා ක්‍රියාත්මක කරන බව වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම කැඳවුම්කරු වසන්ත සමරසිංහ කියන්නේ.

ඔහු පැවැසුවේ 6 වන දා ආණ්ඩුවට ලබා දෙන්නේ පෙරහුරුවක් බවයි. එතැනින් පසුවත් ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව බලයෙන් ඉවත් වී නොගිය හොත් සියලු ක්ෂේත්‍ර රට පුරා අඛණ්ඩ හර්තාලයක් සිදු කිරීමට නියමිත බව වසන්ත සමරසිංහ පවසනවා.

ඒ අනුව ජනතාව නිවස්වල කළු කොඩි දැමීම, වාහන ධාවනය නැවැත්වීම මෙන්ම විදුලි, තෙල්, වරාය, සෞඛ්‍ය ඇතුළු සියලු ක්ෂේත්‍රවල කටයුතු ඇනහිටින බව ඔහු කියනවා.

මේ සම්බන්ධයෙන් රටේ බහුජන සංවිධාන, සිවිල් සංවිධාන ඇතුළු රට පුරා වෘත්තීය සමිති සිය එකඟතාව පළ කර ඇති බවයි හර්තාලය පිළිබඳව දැනුම් දෙමින් වසන්ත සමරසිංහ සඳහන් කළේ.

POPULAR

Recent articles