බිල වැඩි කලත් මණ්ඩලේට පාඩුයි

විදුලි ගාස්තුව 75%ක සාමාන්‍ය අගයකින් ඉහළ දැමුවත් ලංකා විදුලිබල මණ්ඩලය වාර්ෂිකව රුපියල් බිලියන 45ක පමණ අලාභයක් ලබන බව පැවසෙනවා. ලංවිම ආයතනික ක්‍රමෝපාය සහ නියාමන කටයුතු පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි නිහාල් වීරරත්න විසින් මේ බව සඳහන් කරනවා.

නව අයක්‍රමයේ පවතින ගැටලු පිළිබඳ ඉදිරියේ දී ලිඛිතව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව දැනුවත් කිරීමට කටයුතු කරන බවයි ඔහු කියන්නේ. ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින්ගේ වාර්ෂික වරප්‍රසාද සහ දීමනා සම්බන්ධයෙන් තීරණන් ගත යුත්තේ විදුලිබල මණ්ඩලය මිස ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව නොවන බව නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි නිහාල් වීරරත්න පවසනවා.

POPULAR

Recent articles