ඉන්ධන ප්‍රවාහන නැව් දීම නැව් සමාගම් විසින් ප්‍රතික්ෂේප කරයි

මෙරට ඉන්ධන සැපයුම් කරන සැපයුම්කරුවන් හත් දෙනෙකුට ඇමරිකානු ඩොලර් කෝටි 70ක පමණ ණය මුදලක් ගෙවීමට සිදුවී තිබෙන බව වාර්තා වෙනවා.

ඒ සම්බන්ධයෙන් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය වාර්තාවක් මඟින් රජයට දැනුම් දී තිබෙනවා. අදාළ ණය නොගෙවීම නිසා ඇතැම් සැපයුම්කරුවන් මෙරටට දැනුම් දී ඇත්තේ තවදුරටත් ඉන්ධන සැපයීමේ කොන්ත්‍රාත්තු තමන් විසින්අවලංගු කර ඇති බවයි.

මුදල් ගෙවීමට ප‍්‍රමාද වීම මත ඉන්ධන සහිත නෞකා මුහුදේ රඳවා ගැනීමට සිදු වීම නිසා නැව් සමාගම් මෙරට ඉන්ධන ප්‍රවාහනයට නැව් දීමටද අකැමැත්ත පළ කරන බවද අනාවරණය වෙනවා. මේ හේතුවෙන් අලුත් සැපයුම්කරුවන්ගෙන් ඉන්ධන ලබා ගැනීමට සිදුවී ඇති බවයි කියන්නේ.

POPULAR

Recent articles