සහල් සංචිත ඇත්තේ සැප්තැම්බර් දක්වා පමණයි

ආහාර අර්බුදය මුහුණදීම සඳහා විද්‍යත්මක හා සැලසුම් සහගත වගා සංග්‍රාමයක් ආරම්භ කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.

ලෝක අහාර හිඟයක් අවදානමක සිටින ශ්‍රී ලංකාව තුළ අහාර සුරක්ෂිතාව ඇතිකිරීම පිලිබඳ සාකච්ඡාවක් ඊයේ (24) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවති බව අග්‍රමාත්‍ය කාර්යාලය නිවේදනය කරනවා.

දැනට රට තුල සහල් සංචිතය ප්‍රමාණවත් වන්නේ සැප්තැම්බර් මැද දක්වා පමණක් බව මෙම සාකච්ඡාවේදී අනාවරණයවී ඇති අතර මාසික සහල් අවශ්‍යතාව මෙට්‍රික් ටොන් ලක්ෂ දෙකක් බවයි සඳහන් වන්නේ.

ඊලඟ කන්නයේ අස්වනු නෙලිමට හැකිවන්නේ පෙබරවාරි මාසයේවීම හේතුවෙන් එතෙක් ඇති විය අහාර හිඟයට මේ මොහොතේ ගත හැකි හොඳම පියවර වන්නේ සැලසුම් සහගත වගා සංග්‍රාමයක් බව අග්‍රාමාත්‍යවරයා එහිදී පෙන්වාදී තිබෙනවා.

POPULAR

Recent articles