සිරිකොතේ උණුසුම් තත්වයක් !

සිරිකොතේ උණුසුම් තත්වයක් !

අද පෙරවරුවේ පැවති එක්සත් ජාතික පක්ෂයේ සියළු වෘත්තීය සමිති නියෝජනය කරන ජාතික විධායක සභා රැස්වීම අතරතුරදී උණුසුම් තත්වයක් උද්ගත වී තිබෙනවා. ඊට හේතු වී ඇත්තේ වෘත්තීය සමිති නියෝජිතයින්ගෙන් පක්ෂ නායකත්වයට එල්ල වූ විරෝධයයි.

ජාතික සේවක සංගමය ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ සියළු වෘත්තීය සමිති නියෝජිතයින් සහ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් අද පෙරවරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී පැවැත්වුණා. ඊට පක්ෂ උපනායක රවී කරුණානායක, මහලේකම් අකිල විරාජ් කාරියවසම්, පුත්තලම් දිස්ත්‍රික් කණ්ඩායම් නායක පාලිත රංගේ බණ්ඩාර ඇතුළු පිරිසක් සහභාගී වී සිටියා. රැස්වීමෙන් අනතුරුව වෘත්තීය සමිති නායකයින් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට සිය ගැටළු ඉදිරිපත් කිරීමට උත්සහ කළත් ඒ අවස්තාවේ දී රනිල් වික්‍රමසිංහ මහතා එම ස්ථානයෙන් පිටත්ව යාමට සූදානම් වීම නිසා ඔහුට දැඩි විරෝධයක් එල්ල වුණා. එහි දී තත්ත්වය පාලනය කිරීමට පාලිත රංගේ බණ්ඩාර මහතා උත්සහ කළද එම උත්සහය ව්‍යාර්ථ වී තිබෙනවා. පක්ෂ නායකත්වය ඇතුළු නිලධාරී මණ්ඩලය රැස්වීමට සහභාගී වූ වෘත්තීය සමිති නියෝජිතයින්ගේ දැඩි දෝශ දර්ශනයට ලක් වූ බවයි වාර්තා වන්නේ.

#COVID_19 ‪#Corona
#කොරෝනාඔබඅද්දරට_ම
#StaySafe_StayHome_everyone !
#covid_19_WHO_SriLanka
#A5_News_SriLanka

එක්වන්න ප්‍රධාන පුවත් විකාශය සමඟ !

https://www.facebook.com/A5News.lk/
https://www.youtube.com/

POPULAR

Recent articles