”සංවර්ධන ව්‍යාපෘතිවලට ඉඩම් දීමේදී දෙවරක් හිතනවා” – මහින්ද අමරවීර

වන අලින්ගේ වාස භූමි ලෙස හඳුනාගෙන තිබෙන ප්‍රදේශ මින් ඉදිරියට ඉඩම් සංවර්ධන ව්‍යාපෘති සඳහා ලබා නොදීමට දැඩි තීරණයක් ගන්නා බව වනජීවී සහ වන සංරක්ෂණ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

මින් ඉදිරියට සංවර්ධන ව්‍යාපෘති සඳහා ඉඩම් ලබා දීමේදී දෙවරක් සිතා බලන බවද අමාත්‍යවරයා කියා සිටිනවා.

පාරිසරික ඇගයීම් නොසලකා හරිමින් වන අලින් ජීවත් වන ප්‍රදේශ මිනිසුන් විසින් ආක්‍රමණය කිරීම අලි මිනිස් ගැටුමට හේතුවක් බවද අමාත්‍යවරයා සඳහන් පෙන්වා දෙනවා.

ශ්‍රී ලංකාවේ වන අලි ගහනය 2011 සිදු කරන ලද සංගණනය අනුව පන්දහස ඉක්මවන බවත්, අලි මිනිස් ගැටුම නිසා සෑම වසරකම වන අලින් මෙන්ම මිනිසුන් ද මරණයට පත්වන බවත් අමාත්‍යවරයා කියා සිටිනවා.

අගෝස්තු 12 වැනිදාට යෙදෙන ලෝක වන අලි දිනය නිමිත්තෙන් මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් වනජීවී සහ වනසංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර පවසා සිටියේ මෙවර ලෝක වන අලි දිනයේ තේමාව පූර්ව ඓතිහාසික සුන්දරත්වය, ආගමික අදාලත්වය හා පාරිසරික වැදගත්කම ( Pre historic Beauty, Theological Relevance and Environmant Importance) යන්න බවයි.

POPULAR

Recent articles