යුරෝපා සංගමයෙන් යුක්‍රේනයට යූරෝ බිලියන 9ක්

යුරෝ බිලියන 9 ක් යුක්‍රේනයට ලබා දීමට යුරෝපා සංගමය එකඟ වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ රුසියානු ආක්‍රමණය හමුවේ යුක්‍රේනයට සිය ආර්ථිකයට සහය වීමේ අරමුණින් යුරෝපා සංගම් නායකයින් එම පියවර ගෙන ඇති බවයි.

යුරෝපා සංගමයේ ප්‍රධානී චාල්ස් මයිකල් මේ පිළිබඳව නිවේදනය කර තිබෙනවා.

මීට අමතරව රුසියානු තෙල් ආනයනය ද බොහෝදුරට නවතා දැමීමට යුරෝපා සංගම් නායකයින් එකඟ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ සම්පූර්ණයෙන්ම රුසියානු තෙල් ආනයනය තහනම් කිරීම සඳහා එම සංගමයේ රටක් වන හංගේරියාව එකඟ නොවූ බැවින් යම් ප්‍රමාණයකින් තෙල් ආනයනය නවතා දැමීමට යුරෝපා සංගමය තීරණය කළ බවයි.

එම සංගමයේ ප්‍රධානී චාල්ස් මයිකල් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටින්නේ මේ පියවර හේතුවෙන් රුසියාව සිදු කරන තෙල් අපනයනයෙන් 2/3 පමණ අඩාලවන බවයි.

POPULAR

Recent articles