“පෞද්ගලිකව ක්‍රියාත්මක කරන ඉදිකිරීම් මාස තුනකට තාවකාලිකව නවත්වන්න” – ජාතික ඉදිකිරීම් සංගමයෙන් ඉල්ලීමක්

සිමෙන්ති මිල ඉහළ දැමීමට විරෝධය දැක්වීමක් ලෙස පෞද්ගලිකව ක්‍රියාත්මක කරන ඉදිකිරීම් මාස තුනකට තාවකාලිකව අත්හිටුව ලෙස ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති සුසන්ත ලියනාරච්චි ඉල්ලා සිටිනවා. අප්‍රේල් මස මුල වන රට තුළ ඉදිකිරීම් ව්‍යාපෘති 5000 ක පමණ ක්‍රියාත්මකව තිබුණ ද මේ වන විට එම සියලුම ව්‍යාපෘති අත්හිටුවා ඇති බවයි ඔහු කියන්නේ. මාස කීපයක් තුළ සිමෙන්ති මිල 120% කින් ඉහළ දැමීම ඊට හේතුව බවයි සභාපතිවරයා සඳහන් කරන්නේ.

සිමෙන්ති මිල ඉහළ යෑමේ ගැටලුවට රජය සාධනීය පිළිතුරක් දෙනු ඇතැයි විශ්වාස කළ ද එවැනි පිළිතුරක් නොලැබුණු බවත් එය ප්‍රයෝජනයට ගනිමින් සිමෙන්ති ආනයනකරුවන් අඛණ්ඩව මිල ඉහළ දමමින් සිටින බවත් ඔහු පවසනවා.

රජය සහ ජනතාව ඉදිකිරීම් ව්‍යාපෘති අත්හිටවුව හොත් ආනයනකරුවන්ට සිමෙන්ති අළෙවිකිරීමට නොහැකිව මිල පහළ දැමීමට සිදුවන බව ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති සුසන්ත ලියනාරච්චිගේ අදහසයි.

POPULAR

Recent articles