”අපිටත් බෑ” – උත්තර ලංකා

රනිල් වික්‍රමසිංහගේ අදහසක් මත පාර්ලිමේන්තුවේ දී අනුමත වූ ‘ජාතික සභාව’ ට තමන් සහභාගීවන බව මුලින්ම විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ කණ්ඩායම පවසා සිටියා.

ඒ සම්බන්ධව තම කණ්ඩායමේ මන්ත්‍රීවරු 6 දෙනෙකු එයට නම් කරනු ලැබුවා. ඒ විමල් වීරවංශ (පොහොට්ටුවේ මන්ත්‍රී – ජාතික නිදහස් පෙරමුණ), උදය ගම්මන්පිල (පොහොට්ටුවේ මන්ත්‍රී – පිවිතුරු හෙළ උරුමය), වීරසුමන වීරසිංහ (පොහොට්ටුවේ මන්ත්‍රී – ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය), මහාචාර්ය තිස්ස විතාරණ (පොහොට්ටුවේ මන්ත්‍රී – සම සමාජ පක්ෂය), වාසුදේව නානායක්කාර (පොහොට්ටුවේ මන්ත්‍රී – ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ) සහ අතුරලියේ රතන හිමි (පොහොට්ටුවේ මන්ත්‍රී – අපේ ජන බල පක්ෂය) යන අය යි.

එහෙත් අද (29) දින කතානායකවරයාගේ මූලිකත්වයෙන් පැවැත්වෙන ‘ජාතික සභාව’ ට තමන් සහභාගී නොවන බව යි මේ අය පවසන්නේ.

“ආණ්ඩුව පිහිටුවනු ලැබ තිබෙන “ජාතික සභාව” රට ගොඩගැනීමේ භූමිකාව හිමිකර ගත් ආයතනයක් වනවා වෙනුවට, ආණ්ඩුවේ වගකීම් විරහිත හා අශිෂ්ට භාවිතාව සරසන පිරුවටයක් ලෙසට පමණක් ක්‍රියාකරන ආයතනයක් බවට පත්වනු ඇති බව අපගේ නිගමනයයි. එවන් කාර්යකට දායක වීමෙන් රටට, ජනතාවට යහපතක් සැලසෙනු ඇතැයි අපි නොසිතමු. එබැවින් පිහිටුවනු ලැබ තිබෙන ඊනියා ජාතික සභාවට උත්තර ලංකා සභාගය නියෝජනය කරන පහත සදහන් පක්ෂවල කිසිදු නියෝජිතයකු සහභාගි නොවන බව ඔබතුමා වෙත මෙයින් දන්වා සිටිමු” යි අද දිනයේ කතානායකවරයා අමතමින් ලිපියක් ලියමින් ඔවුන් පවසා තිබෙන්නේ.

අදාළ ලිපිය –

POPULAR

Recent articles