විහාරස්ථාන අඳුරේ තැබීමට යෝජනාවක්

විහාරස්ථාන හා ආගමික ස්ථානවල විදුලි බිල ඉහළ නැංවීමට විරෝධය පළ කරමින් එළඹෙන පොහොය දිනයේ දී දිවයිනේ සියලු වෙහෙර විහාරස්ථාන අඳුරේ තබා විරෝධය දක්වන ලෙස රාමඤ්ඤ මහා නිකායේ මධ්‍යම පළාත් මහා සංඝ සභාවට යෝජනාවක් ඉදිරිපත්වී තිබෙනවා.

රාමඤ්ඤ මහා නිකායේ මධ්‍යම පළාත් මහා සංඝ සභා රැස්වීම ඊයේ (18) පස්වරුවේ පැවැති අතර එහිදී අදහස් දක්වමින් පුජ්‍ය ගලහ සිරිසාන්ත හිමි මේ බව සඳහන් කර සිටියා.

උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කරන්නේ පවතින තත්ත්වය මත ඉදිරියේ දී පන්සලක ලයිට් එකක් දැමීමටද නොහැකි වන බවත් ඉදිරියේ දී රට පුරාම විශේෂ මැදිහත්වීමකින් මෙම විදුලිබිල වැඩි කිරීමට එරෙහිව කටයුතු කරන බවයි.

මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වන යෝජනා සැලකිල්ලට ගනිමින් විහාරස්ථාන සඳහා විදුලිබිලට යම් සහනදායි ක්‍රමවේදයක් සකස් කිරීමට ආණ්ඩුවේ බලධාරීන් සමඟ සාකච්ඡා කරන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන කියා සිටිනවා.

POPULAR

Recent articles