එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හදිසි රැස්වීමක් කැඳවයි

ගාසා තීරයේ ගැටුම් පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හදිසි රැස්වීමක් කැඳවා තිබෙනවා.

රැස්වීම අමතමින් එක්සත් ජාතීන්ගේ මැදපෙරදිග නියෝජිත ටෝර් වෙන්ස්ලන්ඩ් ප්‍රකාශ කර ඇත්තේ සතුරුකම් නැවත ආරම්භ කිරීම විනාශකාරී ප්‍රතිවිපාක ගෙනදෙන බවයි.

ඉස්ලාමීය ජිහාඩ් සටන්කාමීන් හා ඊශ්‍රායලය අතර ආරම්භ වී ඇති කෙටි සටන්විරාමය බිඳ වැටීමේ අවදානමක් ඇතැයි ද ඔහු ප්‍රකාශ කර සිටිනවා.

එම සටන් විරාමය ආරම්භ වූයේ ඊශ්‍රායල හමුදා හා පලස්තීනයේ ඉස්ලාමීය ජිහාඩ් සටන්කාමීන් අතර දින 3 ක් පුරා පැවති දරුණු ගැටම්වලින් පසුවයි.

ගැටුම් හේතුවෙන්, පුද්ගලයින් 43 දෙනෙකු පමණ මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

දෙපාර්ශවය අතර මෙම සටන් විරාමය ආරම්භ වී ඇත්තේ ඊජිප්තුවේ මැදිහත්වීම මතයි.

ඊශ්‍රායලය හා පලස්තීනය අතර 2021 මැයි මාසයේ දින 11 ත් තුළ පැවති යුද්ධය ඉතිහාසයේ ඇති වූ දරුණුම ගැටුම්කාරී වාතවරණය ලෙස සැලකෙනවා.

කෙසේ වුවද මෑතකාලීන ප්‍රචණ්ඩත්වය පිළිබඳව කවුන්සිලයේ සාමාජිකයින් කනස්සල්ල පළ කරන විට පලස්තීන තානාපතිවරයා විමසා සිටියේ මෙය ඇති වන්නේ කවදාදැයි කියායි.

POPULAR

Recent articles