QR ඉන්ධන අවසරපත්‍ර ක්‍රමවේදය අද (25) සිට දිවයින පුරා

දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් 20ක් යොදාගනිමින් සිදුකළ ජාතික ඉන්ධන අවසර බලපත්‍ර ක්‍රමවේදයේ අත්හදාබැලීම් සාර්ථක බවයි බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

Twitter පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මේ සඳහා රථවාහන 4,708 ක් යොදාගත් බවයි.

ඒ සාර්ථකත්වය නිසා අද (25) දිනයේ සිට ජාතික ඉන්ධන බලපත්‍ර ක්‍රමවේදය හෙවත් QR ක්‍රමවේදය මුළු දිවයිනම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට නියමිත බව අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටිනවා.

POPULAR

Recent articles