ජනපති සමඟ සාකච්ඡාවට සහභාගී නොවීමට ජවිපෙ තීරණය කරයි

සර්ව පාක්ෂික ආණ්ඩුවක් සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ අද (09) පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාව සඳහා සහභාගී නොවන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති සඳහන් කරන්නේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් සම්බන්ධයෙන් වන යෝජනා ලිඛිතව ජනාධිපතිවරයා වෙත යොමු කිරීමට තම පක්ෂය තීරණය කළ බවයි.

POPULAR

Recent articles