මහා ශිව රාත්‍රී දිනය අද (01) යි

හින්දු බැතිමතුන් භක්තියෙන් සමරන මහා ශිව රාත්‍රී දිනය අද (01) ට යෙදී තිබෙනවා.

මහා ශිව රාත්‍රීය සැලකෙන්නේ දෙවියන් අතුරින් ලොව බලවත්ම දෙවියා තමා බව ශිව දෙවියන් ලොවට විදහා දක්වූ දිනය ලෙසයි.

ලොව බලවත්ම දෙවියා කවු ද යන්න පිළිබඳව විෂ්ණු දෙවියන්, මහා බ්‍රහ්මයන් හා ශිව දෙවියන් අතර ඇතිවූ මතගැටුමේදි , ශීව දෙවිදුන් මිහි ගැබේ සිට අහස් ගැබ දක්වා ආලෝක කදම්භයක් විහිදුවමින් එහි දෙකෙළවර සොයා ගන්නා අය බලවත්ම දෙවියා වන බව පැවසු බව හින්දු සාහිත්‍යයේ සඳහන් වනවා.

එහෙත් සූකර වෙස් ගනිමින් මිහිගැබ හාරමින් ගිය විෂ්ණු දෙවියන්ටත්, හංස වෙස් ගනිමින් අහස් ගැබ වෙත පියාසර කළ මහා බ්‍රහ්මයාටත් එහි දෙකෙළවර සොයා ගැනිමට හැකි වී නැහැ.

ඒ අනුව ලොව බලවත්ම දෙවියා ශීව දෙවියන් බවට හින්දු බැතිමතුන් විශ්වාස කරනු ලබනවා.

‍හින්දු බැතිමතුන් මහා ශීව රාත්‍රි දිනය ලෙස සමරන්නේ ශිව දෙවියන් ආලෝක කඳම්බය නිකුත්කළ නැකත උදාවන දිනයයි.

මේ අනුව හින්දු බැතිමත්හු අද (01) රාත්‍රීයේ සිට හෙට (02) උදෑසන දක්වා ශීව දෙවියන්ට පූජෝපහාර දක්වමින් මහා ශීව රාත්‍රීය සමරනු ලබනවා.

POPULAR

Recent articles