තායිවාන මිසයිල සංවර්ධනයේ ප්‍රධානියා මියයයි

තායිවානයේ ජාතික චුන්ග්-ෂාන් විද්‍යා හා තාක්ෂණ ආයතනයේ (NCSIST) උප සභාපති Ouyang Li-hsing (歐陽力行) හෝටලයක නතරව සිටියදී හෘදයාබාධයකින් මිය ගිය බව වාර්තා වෙනවා. ඔහු මියගිය පුවත වාර්තා වී ඇත්තේ දකුණු තායිවානයේ පිංතුං ප්‍රාන්තයේ යි. 57 හැවිරිදි Ouyang පසුගිය සෙනසුරාදා උදෑසන 7:20 ට පිංතුං ප්‍රාන්තයේ, Hengchun නගරයේ හෝටල් කාමරයේදී ඔහුගේ සහායකයා විසින් සොයා ගන්නා විටත් මියගොස් සිටි බවයි කියන්නේ.

Pingtung ප්‍රාන්ත පොලිස් දෙපාර්තමේන්තුවේ Hengchun ප්‍රදේශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ Wang Chin-tsung (王金宗) මාධ්‍ය වෙත පවසා තිබෙනවා.
උප සභාපති Ouyang හෘද රෝග පිළිබඳ ඉතිහාසයක් තිබූ අතර මීට පෙර ධමනියක ස්ටෙන්ට් එකක් දමා තිබූ බවයි පවුලේ අය උපුටා දක්වමින් පොලිසිය පවසන්නේ. Ouyang සෙනසුරාදා Pingtung හි Manzhou නගරයේ පැවති අස්වනු මංගල්‍යයකට සහභාගී වීමට දකුණු තායිවානයට පැමිණ සිටි බවයි කියන්නේ.

වොෂින්ටන් විශ්ව විද්‍යාලයේ ආචාරය උපාධියක් හිමිකරගෙන සිටි Ouyang Li-hsing ඔහුගේ මරණය සිදුවන විට තායිවානයේ විවිධ වර්ගයේ මිසයිල සංවර්ධනය කිරීම භාරව සිටි පුද්ගලයි. NCSIST හා සම්බන්ධ වීමට පෙර, Ouyang ජාතික ආරක්ෂක අමාත්‍යාංශයේ ආයුධ කාර්යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සහ ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයේ කළමනාකරණ විද්‍යාලයේ පීඨාධිපති ඇතුළුව තායිවාන හමුදාවේ ප්‍රමුඛ තනතුරු හොබවා ඇති අයෙක්.
NCSIST යනු දේශීයව නිපදවන ආයුධ සඳහා තායිවානයේ ප්‍රධාන පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානය යි. එය ආරක්ෂක තාක්‍ෂණය සහ ආයුධ සංවර්ධනය කිරීම, නිෂ්පාදනය කිරීම සහ විකිණීම සහ තාක්‍ෂණය, තොරතුරු හුවමාරුව සහ ප්‍රවර්ධනය සඳහා දේශීය හා ජාත්‍යන්තර සහයෝගීතාවය සඳහා වගකිව යුතු ආයතනය යි.

එය Tien Kung ගුවන් ආරක්ෂක අවි පද්ධතිය, Tien Chien මිසයිල පද්ධතිය සහ Hsiung Feng නාවික නාශක මිසයිල වැනි පුළුල් පරාසයක ආයුධ පද්ධති සංවර්ධනය කර ඇති ආයතනය යි.

POPULAR

Recent articles