”දිළිඳු දරුවන්ට නොමිලේ අභ්‍යාස පොත් දෙනවා” – අධ්‍යාපන ඇමති

දිළිඳු දරුවන්ට නොමිලේ අභ්‍යාස පොත් ලබාදීම කෙරෙහි අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සඳහන් කර සිටියේ මහ බැංකුව මගින් මුදල් වෙන්කර ගැනීමට කටයුතු කරමින් සිටින බවයි.

රාජ්‍ය මුද්‍රණාලය මගින් එම පොත් මුද්‍රණය කිරීමට නියමිත බවද අමාත්‍යවරයා කියා සිටිනවා.

මේ අතර පෙළ පොත් මුද්‍රණය කිරීමට ඉන්දියාවෙන් තීන්ත හා කොළ ගෙන්වීමට ද පියවර ගෙන ඇති බව අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කරනවා.

අමාත්‍යවරයා සඳහන් කළේ, ප්‍රාථමික ශ්‍රේණි සඳහා දිවා ආහාර වේලක් ලබාදීම කෙරෙහි ද අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමුව ඇති බවයි.

POPULAR

Recent articles