ආර්ථිකය 1.6% කින් පහතට

2022 වර්ෂයේ පළමු කාර්තුවේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය 1.6% කින් පසුබැසීමට ලක්වී ඇති බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ ඉන්ධන ආනයනයට මතු වූ විවිධ බාධා හේතුවෙන් බොහෝ නිෂ්පාදන, ඉදිකිරීම් හා සේවා කර්මාන්තවල නිෂ්පාදන කටයුතු අඩාල වී ඇති අතර සමස්තයක් ලෙස කාර්මික අංශය ද සෘණ ආර්ථික වර්ධනයක් වාර්තා කර ඇති බවයි.

එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ සේවා අංශය 2021 පළමු කාර්තුවට සාපේක්ෂව මෙම කාර්තුව තුළ ඉතා සුළු වර්ධනයක් වාර්තා කිරීමට සමත්ව ඇති බවයි.

අදාළ නිවේදනය –

POPULAR

Recent articles