ඉන්දියාවේ නව SSLV රොකට් යානාව පළමු දියත් කිරීමේදීම අසාර්ථක වෙයි

ඉන්දීය අභ්‍යාවකාශ පර්‍යේෂණ සංවිධානය හෙවත් ISRO මගින් ක්‍රියාත්මක SSLV (කුඩා චන්ද්‍රිකා ගුවන්ගත කරන යානා) ව්‍යාපෘතිය යටතේ පළමු චන්ද්‍රිකාව පසුගියදා (06) ගුවන් ගත කරනු ලැබුවා.

ඒ ඉන්දියාවේ සතිෂ් ධවාන් අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ සිටයි.

එම මධ්‍යස්ථානය මගින් ගුවන් ගත කළ පළමු රොකට් යානාව වන්නේ ද මෙම SSLV 2 රොකට් යානාවයි.

එම අවස්ථාව නැරඹීමට විශාල පිරිසක් එක්ව සිටි අතර EOS2 හා අසාදිසාත් නම් කුඩා චන්ද්‍රිකා දෙක රැගත් SSLV රොකට් යානාව පෙරවරු දහයට පමණ ගුවන් ගත කෙරුණා.

එය සාර්ථකව චන්ද්‍රිකා දෙක රැගෙන සිය මූලික අදියර තුනම සාර්ථකව අවසන් කරමින් EOS 2චන්ද්‍රිකාව උඩු ගුවනට කක්ෂ ගතකලත් අවසන් මොහොතේ ඉන් දත්ත සම්ප්‍රේශණය නතර වී ගිය බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ISRO ආයතනය මේ වන විට ඊට සිදුවූයේ කුමක්දැයි සොයාබලමින් සිටින අතර පැය කීපයක් ගතවී ඇතත් චන්ද්‍රිකාව ට සිදුවූ දේ සම්බන්ධයෙන් මෙතෙක් පැහැදිලි තීරණයක් ප්‍රකාශ කර නැහැ.

POPULAR

Recent articles