”කාබනික කෘෂිකර්ම ප්‍රතිපත්තිය ඉදිරියටත් පවත්වාගෙන යනවා” – මහින්ද අමරවීර

කාබනික කෘෂිකර්ම ප්‍රතිපත්තිය රජය ඉදිරියටත් පවත්වාගෙන යන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

එළඹෙන මහ කන්නයේ වගා කරන කුඹුරු වලින් 30%ක් කාබනික වගාවට නිර්දේශ කරන බව ද කෘෂිකර්ම අමාත්‍යවරයා කියා සිටිනවා.

ඒ සඳහා වන නිර්දේශ දැනටමත් ලබා දී ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කරනවා.

ප්‍රමිතියෙන් යුතු කාබනික පොහොර ගොවි ජනතාවට ලබා දීමට පියවර ගන්නා අතර ප්‍රමිතිය පරීක්ෂා කිරීමකින් තොරව කිසිදු කාබනික පොහොර වර්ගයක් සඳහා අනුමැතිය නොදීමටද තීරණය කළ බව කී අමාත්‍යවරයා කාබනික වගාව රටට අත්‍යවශ්‍ය දෙයක් බවද ගොවීන් විශාල පිරිසක් කාබනික වගාවෙහි නිරත වන බවද කියා සිටිනවා.

එමෙන්ම ලබන මහ කන්නයේ දී කාබනික වගාවෙහි යෙදෙන ගොවීන්ට කාබනික පොහොර මිල දී ගැනීම සඳහා සහනාධාර මුදලක් ලබා දීමටත් පියවර ගන්නා අතර අවශ්‍ය කාබනික පොහොර තෝරා ගැනීමේ අයිතිය ගොවීන්ටම ලබා දෙන බවත් ගොවීන් මිල දී ගත යුතු කාබනික පොහොර රජය බලහත්කාරයෙන් තීරණය කරන්නේ නැති බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් පවසනවා.

POPULAR

Recent articles