එම්සීසී ගිවිසුම අත්සන් කිරීමට ආණ්ඩුව සූදානම් වනවා – ජවිපෙට සැකයක්

මහ මැතිවරණයෙන් පසුව එම්සීසී ගිවිසුම අත්සන් කිරීමට ආණ්ඩුව සූදානම් වනවාදැයි යන්න පිළිබඳව සැකයක් පවතින බව ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික සමන්ත විද්‍යාරත්න මහතා පවසනවා. ඔහු මේ බව පවසා සිටියේ අද බදුල්ලේ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනුයි.

එම්සීසී ගිවිසුම සම්බන්ධයෙන් මාස හයක පමණ කාලයක් පුරා සිදුකළ අධ්‍යනයකින් අනතුරුව ඒ පිළිබඳ වාර්තාව පසුගිය දා ජනාධිපතිවරයා වෙත භාරදෙනු ලැබුවා. එහිදී වාර්තාව සකස් කළ කමිටුවේ සභාපති මහාචාර්‍ය ලලිතසිරි ගුනරුවන් මහතා පැවසුවේ 2017 සහ 2018 වසරවල දී පැවති ආණ්ඩුව විසින් ගිවිසුම කොටස් දෙකක් යටතේ අත්සන් තබා ඇති බවයි. එමෙන් ම ගිවිසුම යටතේ ඇමරිකානු ඩොලර් මිලියන දහයක් ප්‍රදානය කර ඇතත් එම මුදල් පිළිබඳව ගිණුම් විස්තරයක් කිසිදු තැනක දැකගැනීමට නොහැකි බව ද ඔහු පෙන්වා දුන්නා. කෙසේවෙතත් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඇමරිකානු තානාපති කාර්‍යාලය සඳහන් කර සිටියේ එම්සීසී ගිවිසුමට අදාල කිසිදු මුදලක් මේ වන තුරු ශ්‍රී ලංකාවට ලබා දී නොමැති බවයි.

POPULAR

Recent articles