චේ ගුවේරාගේ පුතනුවන් දිවියෙන් සමුගනියි

විප්ලවවාදී නායකයෙකු වන එර්නස්ටෝ චේ ගුවේරා ගේ පුත් කැමිලෝ ගුවේරා මාර්ච් ඊයේ (30) දිනයේදී මියගිය බව කියුබානු ‘ප්රෙන්සා ලැටිනා’ පුවත් සේවය වාර්තා කරනවා.

එම පුවත් වාර්තා කියා සිටින්නේ පරිදි පෙනහළු වල ඇතිවූ රුධිර කැටි ගැසීමක් හේතුවන් ඔහු වෙනිසියුවෙලාවේ කැරකස් හිදී මරණයට පත්ව ඇති බවයි.

මියයන විට හෙතෙම හැට හැවිරිදි වියේ පසුවුණා.

බොලිවියාවේදී සිය පියා (චේ) ඝාතනයට වනවිට සිවු හැවිරිදි වියේ පසුවූ කැමිලෝ, මියයනවිට කම්කරු නිතිය පිළිබඳ උපාධිධාරියෙක් වූ අතර, ඔහු, හවානාහි ‘චේගුවේරා අධ්‍යයන මධ්‍යස්ථානයේ , ජීවිතය, චින්තනය හා දැනුම ප්‍රවර්ධනය කිරීම සඳහා ව්‍යාපෘතියේ ‘ අධ්‍යක්ෂවරයෙකු ලෙස සේවය කරමින් සිටි බව එම පුවත් සේවය පෙන්වා දෙනවා.

කැමිලෝ ගුවේරා (මැද), ඔහුගේ දෙමාපියන් වන අර්නස්ටෝ ගුවේරා හා ඇලෙයිඩා මාර්ච් සහ ඔහුගේ සහෝදරයන් වන අර්නෙස්ටෝ හා සීලියා සමඟ

ඔහු තම පියාගේ විප්ලවවාදී උරුමයන් ආරක්ෂා කිරීමටත්, ඔහුගේ සර්වකාලීන අදහස්, ප්‍රකාශයන් හා ක්‍රියාත්මකවීම් ලොවපුරා ප්‍රචලිත කිරීමටත් කටයුතු කරමින් සිටිබව ද ‘ප්රෙන්සා ලැටිනා’ පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කරනවා.

POPULAR

Recent articles