ගෝඨාභයගේ වීසා දික්කිරීමට රජයෙන් සිංගප්පූරුවට ඉල්ලීමක්

මෙරටින් පැන ගිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සිංගප්පූරුවේ රැඳී සිටීමට තවත් දින 14ක කාලයක් ලබා දෙන්නැයි ශ්‍රී ලංකා රජය සිංගප්පූරු රජයෙන් ඉල්ලීමක් කර ඇතැයි මාධ්‍ය වාර්තා කරනවා. සිංගප්පූරුවේ රැඳී සිටින ගෝඨාභය රාජපක්ෂ මහතා සිය වීසා කාලය අවසන් වීමෙන් පසුව ලබන 11වැනිදා දිවයිනට පැමිණීමට නියමිත බවයි මීට පෙර වාර්තා වුණේ. දැන් රජය කර ඇති මෙම ඉල්ලීම අනුව, ඔහු මේ මස අවසන් සතිය පමණ වන තෙක් සිංගප්පූරුවේ රැඳී සිටිනු ඇතැයි දැනගන්නට තිබෙනවා.

මහජන විරෝධය හමුවේ මෙරටින් පැන ගත් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉකුත් මස 14 වැනිදා මාලදිවයින හරහා සිංගප්පූරුව බලා පිටත්ව ගිය අතර, ඔහුට සති දෙකක කාලයක් එහි රැඳී සිටීමට අවසර දී තිබුණා. පසුව එම එම කාල සීමාව සති දෙකකින් දීර්ඝ කරනු ලැබුවා.

මෙම වීසා කාල සීමාව දීර්ඝ කරදීමට රජය විසින් මැදිහත්වීමක් කර ඇත්දැයි මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් කළ විමසීමකදී පැවසුවේ ඒ පිළිබඳව තමන්ට නිශ්චිතව කිසිවක් කිව නොහැකි බවයි.

POPULAR

Recent articles