පළමු රන්දෝලි පෙරහර අද (07)

මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහර අද (07) රාත්‍රියේ වීථි සංචාරය කිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව අද (07) රාත්‍රී 07.44ට යෙදෙන සුබ මොහොතින් වයඹ දිශාව බලා පෙරහර ගමන් ආරම්භ කිරීමට කටයුතු සුදානම්ව ඇතිව බව සඳහන් වනවා.

අවසන් රන්දෝලි පෙරහර අගෝස්තු 11 වනදා පැවැත්වීමට නියමිත අතර අනතුරුව 12 වනදා දහවල් පෙරහරින් පසු මහනුවර ඓතිහාසික ශ්‍රී දළඳා මාළිගාවේ ඇසළ පෙරහර මංගල්‍ය අවසන් වීමට නියමිතයි.

POPULAR

Recent articles