NASA ආයතනය සඳ ගමන කල්යාමට හේතුව කියයි

එක්සත් ජනපදයේ, ෆ්ලොරිඩා හි පිහිටි කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට සඳ වටා ගමන් කරවීමට සැලසුම් කරතිබූ Artemis – 1 රොකට්ටුව දියත් කිරීම දෙවන වරටත් කල් තැබීමට සිදුව ඇති බව අමෙරිකානු අභ්‍යවකාශ ඒජන්සිය (NASA) නිල වශයෙන්ම නිවේදනය කරනවා.

පසුගිය සඳුදා එය පළමුව දියත් කිරීමට සූදානම් වූ අවස්ථාවේ හයිඩ්‍රජන් කාන්ඳුවක් සිදුවීම හේතුවෙන් එය දියත් කිරීම කල් දැමීමට සිදුව තිබුණා. නාසා ආයතනය මෙතෙක් නිෂ්පාදනය කර ඇති ප්‍රබලතම රොකට්ටුව වන එය දියත් කිරීමේ මට්ටමට ගෙන ඒමට මෙතෙක් හැකිවී නොමැති බවයි වාර්තා වන්නේ. එහෙත් ඉදිරි දින කිහිපය තුළ රොකට්ටුව යථා තත්ත්වයට පත්කර දියත් කිරීමට පියවර ගන්නා බව නාසා ආයතනය පවසනවා.

සෙනසුරාදා දින එනම් ඊයේ (03) දෙවන දියත් කිරීමේ උත්සාහයෙන් පසු NASA යාවත්කාලීනයකට අනුව, අඟහරුවාදා අවසන් වන දියත් කිරීමේ කාල සීමාවේ ඉතිරි කාලය සඳහා NASA විසින් Artemis I දියත් කිරීමක් සිදු කරන්නේ නැහැ.සැප්තැම්බර් සහ ඔක්තෝම්බර් මාස ඇතුළුව මීළඟ දියත් කිරීමේ කාලසීමාවන් ඉදිරි සතියේ මුලදී කණ්ඩායම තීරණය කරන බවයි ඔවුන් කියන්නේ. එය අවම වශයෙන් සති කිහිපයකින් ප්‍රමාදයක් ඇති කරන බව පැවසෙනවා.

“අපි මෙම දියත් කිරීම සැකසුම් කළ කාල සීමාව තුළ දියත් කරන්නේ නැහැ. අපි ඉන්න ඕන තැන නෙවෙයි ඉන්නේ” යි NASA හි ගවේෂණ පද්ධති සංවර්ධන මෙහෙවර අධ්‍යක්ෂ මණ්ඩලයේ සහකාර පරිපාලක ජිම් ෆ්‍රී පවසා තිබෙනවා.

“අපි එය නිවැරදි යැයි සිතන තුරු අපි දියත් නොකරමු. මෙම කණ්ඩායම් ඒ සඳහා වෙහෙස මහන්සි වී ඇති අතර ඔවුන් පැමිණි නිගමනය එයයි. මම මෙය අපගේ අභ්‍යවකාශ වැඩසටහනේ කොටසක් ලෙස සලකමි. එහි ආරක්ෂාව ලැයිස්තුවේ ඉහළින්ම පවතී” යි NASA පරිපාලක බිල් නෙල්සන් පවසනවා.
Artemis – 1 සෙනසුරාදා දහවල් ගුවන් ගත කිරීමට නියමිතව තිබූ අවස්ථාවේ එම’ කණ්ඩායමේ සාමාජිකයින් දියර හයිඩ්‍රජන් කාන්ඳුවක් සොයා ගැනීමෙන් පසු එම සැලසුම් ඉවත් කළා. ඔවුන් එදින උදෑසන වැඩි වේලාවක් ගත කරමින් එය විසඳීමට උත්සාහ කර තිබුණා.

Artemis – 1 මෙහෙවර කළමණාකරු මයික් සරෆින් පැවසුවේ “මෙය කළමනාකරණය කළ හැකි කාන්දුවක් නොවේ” යන්නයි.

තාක්‍ෂණික ගැටලු හමුවේ අභ්‍යවකාශ ඒජන්සියට Artemis – 1 අභ්‍යවකාශගත කිරීමේ ගණන් කිරීම නතර කිරීමට සතියක් තුළ සිදුවූ දෙවැනි අවස්ථාව මෙයයි. එසවීමට පෙර රොකට්ටුවේ එන්ජින් සිසිල් කිරීමට අදහස් කරන පද්ධතියක් සහ රොකට්ටුවට ඉන්ධන සපයන විට පැන නැගුණු විවිධ කාන්දුවීම් ඇතුළු ගැටලු කිහිපයක් පැන නැගීමෙන් පසු සඳුදා පළමු දියත් කිරීමේ උත්සාහය අත්හිටුවන ලැබූ බවයි කියන්නේ.

කලාපයේ කාලගුණ නිලධාරි මෙලඩි ලොවින් පවසන පරිදි Artemis – 1 දියත් කිරීම සඳහා හිතකර කාලගුණික තත්ත්වයන් සඳහා 60% ක අවස්ථාවක් උදාවී තිබෙනවා.

NASA හි Artemis I සඳ රොකට්ටුව 2022 අගෝස්තු 16 වන දින ෆ්ලොරිඩාවේ Cape Canaveral හි Kennedy අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ Launch Pad Complex 39B වෙත ගෙන යනු ලැබුවා. ඒ අභ්‍යවකාශ කාර්ය මණ්ඩලයක් නොමැති පරීක්ෂණ පියාසැරියක් වෙනුවෙන්. එය විසින් ඔරියන් කැප්සියුලය සඳ වටා කක්ෂයට තල්ලු කරන්නයි සැලසුම් කර ඇත්තේ. අභ්‍යවකාශ යානය නැවත පෘථිවියට පැමිණීමට පෙර දින 42ක් අභ්‍යවකාශයේ පවතින ලෙස සුදානම් කර තිබුණා.

එක්සත් ජනපද සඳ ගමනින් ඉවත්ව වසර 50කට පසු යලි සඳ දෙසට යාම බොහෝ දෙනාගේ විමතියට තුඩු දුන් කරුණක්.

ඔරියන් හි ඇතුළත සහ පිටත කැමරා, කැලිස්ටෝ අත්හදා බැලීමේ සජීවී දසුන් ඇතුළුව මෙහෙයුම පුරා පින්තූර සහ වීඩියෝ බෙදා ගනු ලබන ලෙසයි සැලසුම් කර ඇත්තේ. 1968 දී Apollo 8 මෙහෙයුම අතරතුර පළමු වරට බෙදාගත් දෙයට සමාන, නමුත් වඩා හොඳ කැමරා සහ තාක්‍ෂණය සමඟ Artemis – 1 හි දසුන් දැකීමට බලාපොරොත්තු වන ලෙස NASA පවසා තිබෙනවා.

POPULAR

Recent articles