හල්දුම්මුල්ලේ පොහොට්ටු සභාපති සැමන් පරිප්පු කලු කඩයට යවයි !

හල්දුම්මුල්ලේ පොහොට්ටු සභාපති සැමන් පරිප්පු කලු කඩයට යවයි !

කොරෝනා ව්‍යසනය හමුවේ ජනතාවට සහන සැලසීමට හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාව විසින් සහන මිළට බෙදා හැරීමට ගෙනා අහර ද්‍රව්‍ය එහි බලය හිමි පොදුජන පෙරමුණේ සභාපතිවරයා හා මන්ත්‍රීවරුන් විසින් අත්තනෝමතික ලෙස තම කැමැත්ත පරිදි බෙදා දීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් අද එහි මහා සභා රැස්වීමේදී උණුසුම් තත්වයක් නිර්මාණය කර තිබෙනවා. සැමන් සහ පරිප්පු කලු කඩයට විකුණු සභාපති ට විරෝධය යන ශීර්ෂය සහිතව ඔවුන් විසින් මෙම විරෝධය දැක්වීම තුළ සභාවේ මන්ත්‍රීවරු විස්සෙන් එකොලොස් දෙනෙක් ම සභාපතිවරයාට විරුද්ධ වීම මෙහි දී දක්නට ලැබුණු සුවිශේෂී තත්වයක්. එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු හය දෙනෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු දෙදෙනෙක් හා ජනතා විමුක්ති පෙරමුණේ කේ සෙල්වරාජ් මන්ත්‍රීවරයා මෙන්ම පාලන බලය හිමි පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු දෙදෙනෙක් ද සභාපතිවරයාට විරුද්ධව කටයුතු කර තිබෙනවා. ජනතාව අතිශය පිඩාවට පත්ව සිටින මොහොතක පවා ඒ පිලිබඳ කිසිදු තැකීමක් නොකර මේ සිදුකරන වංචනික අක්‍රමිකතා වලට විරුද්ධ වූ මහජන නියෝජිතයින් ට සැබෑ ජනතා ගෞරවය හිමිවිය යුතුමය.

#COVID_19 ‪#Corona
#කොරෝනා_ඔබ_අද්දරට_ම
#StaySafe_StayHome_everyone !
#covid_19_WHO_SriLanka
#A5_News_SriLanka
එක්වන්න ප්‍රධාන පුවත් විකාශය සමඟ !
https://www.facebook.com/A5News.lk/
https://www.youtube.com/channel/UCclzQ9EPOBAU0mWHR9KmjQQ…

POPULAR

Recent articles