“මොන ප්‍රශ්න තිබුණත් නුවරඑළිය ‘වසන්තය‘ පවත්වනවා” – සී.බි.රත්නායක

රටේ මොන තරම් ප්‍රශ්න තිබුණද එළඹෙන අප්‍රේල් මස නුවරඑලිය වසන්ත උදානය අප්‍රේල් (01) වනදා සිට ආරම්භ කරන බව වනජිවි සහ වන සංරක්ෂණ අමාත්‍ය සී.බි.රත්නායක පවසනවා.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද (17) නුවරඑලිය ක්‍රිකට් සංගමය දෙවන වරට මෙහෙය වන නුවරඑලිය ප්‍රිමියර් ලිග් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක උත්සවයට එක්වෙමිනුයි.

නුවරඑලිය ක්‍රිකට් සංගමයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරනු ලබන්නේ අමාත්‍ය සී.බි.රත්නායක වන අතර, එම තරගාවලිය නානුඔය රදැල්ල ක්‍රිඩාංගණයේදි හෙට (18) දින සිට පැවැත්වීමට නියමිතයි.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු අමාත්‍ය සී.බි.රත්නායක කියා සිටියේ නුවරඑලිය වසන්ත උදානය සමයේ සැණකෙළි ගණනාවක් පැවැත්වෙන බවත්, ඒ සදහා දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට විශාල සංචාරකයන් පිරිසක් නුවරඑලිය පැමිණෙන බැවින් එම අයගේ ආරක්ෂාව උදෙසා පොලිසියට විශේෂ කාර්ය භාරයක් ඉටු කිරිමට ඇති බවයි.

POPULAR

Recent articles