කොටුව – බදුල්ල දුම්රිය වාර කිහිපයක් අදත් අවලංගුයි

උඩරට දුම්රිය මාර්ගයට පස් කඳු කඩාවැටීම හමුවේ කොළඹ කොටුව සහ බදුල්ල අතර අද දිනයේ ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය වාර කිහිපයක්ද අවලංගු කර තිබෙනවා.

මේ අනුව කොළඹ කොටුව සිට බදුල්ල දක්වා පෙරවරු 5.55, 8.30 සහ 9.45 ට ධාවනය වීමට නියමිත දුම්රිය සහ බදුල්ලේ සිට කොළඹ කොටුව දක්වා පෙරවරු 5.45, 8.30 සහ 10.15 ට ධාවනය ආරම්භවීමට නියමිත දුම්රිය අවලංගු කර ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව කියාසිටියේ.

POPULAR

Recent articles