“පෙට්‍රල් පෝලිමේ ඉන්න එපා” – විදුලිබල හා බලශක්ති ඇමති

පෙට්‍රල් ලබා ගැනීම සඳහා අදත් (19) පෝලිම්වල රැඳී නොසිටින ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. පෙට්‍රල් හිඟය පිළිබඳ කරුණු අවධාරණය කරමින් අමාත්‍යවරයා කියා සිටියේ, අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් පවතින සීමිත පෙට්‍රල් තොග සැපයෙන බවයි.

“පෙට්‍රල් පෝලිම්වල රැඳී සිටින්න එපා. අපි කනගාටුව පළ කරනවා. ත්‍රිරෝද රථ දුවන්න වෙන්නෙ දෛනිකව ලැබෙන ඉන්ධනවලින්. ආණ්ඩුවක් හැටියට අපි ඒ පිළිබඳව කනගාටුව පළ කරනවා” යි අමාත්‍යවරයා කියා සිටිනවා.

පිරවුම්හල් වෙත යළි පෙට්‍රල් බෙදා හැරීම අවසන් කිරීමට සිකුරාදා සිට අවම වශයෙන් දින 3ක්වත් ගතවනු ඇතැයි ද අමාත්‍යවරයා කියා සිටියා. පසුගිය මාර්තු මාසයේ සිට ඉන්ධන සඳහා ගෙවීමට ඩොලර් සොයාගත නොහැකිව මෙරට මුහුදු සීමාවේ පෙට්‍රල් නැවක් තවමත් ඇති බවයි.

මේ වනවිට ප්‍රමාණවත් ඩීසල් තොග ලැබී ඇති නිසා අමාත්‍යවරයා කියා සිටියේ, සියලු ඉන්ධන පිරවුම්හල් වෙත ඩීසල් ලබා දී එතැන් සිට අඛණ්ඩව ඩීසල් බෙදා හැරීම් සිදු කරන බව අමාත්‍යවරයා සඳහන් කළා.

POPULAR

Recent articles