ගෝඨාභය රාජපක්ෂට සති 2 ක පිවිසුම් අවසර පත්‍රයක්

ජුලි 14 වනදා පෞද්ගලික සංචාරයක් සඳහා පැමිණි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට දින 14ක කෙටි කාලීන පිවිසුම් අවසර පත්‍රයක් ලබා දී ඇති බව සිංප්පූරු ආගමන විගමන බලධාරින් උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය අද වාර්තා කර තිබෙනවා.

ඉන්දියාවේ NDTV නාලිකාව වාර්තා කරන්නේ ගෝඨාභය රාජපක්ෂ ගුවන්තොටුපොළින් රටට ඇතුළුවන අවස්ථාවේ මෙම කෙටිකාලීන පිවිසුම් අවසර පත්‍රය නිකුත් කර ඇති බවයි.

ශ්‍රී ලාංකිකයින්ට සාමාන්‍යයෙන් දින 30 ක කාලයක් මෙම අවසර පත්‍රය දීර්ඝ කර ගත හැකි වුවත් ඒ සඳහා මාර්ගගත ක්‍රමයට ඉල්ලුම් කළ යුතුව ඇතැයි NDTV වාර්තාවේ සඳහන් වනවා.

POPULAR

Recent articles