”වංචා දූෂණ අවම කිරීමට එකඟනම් එය ප්‍රායෝගිකව ඔප්පු කරන්න” – අනුර කුමාර දිසානායක

ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවංකවම වංචා දූෂණ අවම කිරීමට එකඟනම් පළමුව කළ යුතු කාර්යයක් අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා විසින් පෙන්වා දෙනවා.

මන්ත්‍රීවරයා කියන්නේ අධිකරණයෙන් පවා වැරදිකරුවන් වූ කැබිනට් දූෂිතන් ඉවත් කර අර්ජුන් මහේන්ද්‍රන් අධිකරණය වෙත පමුනුවාලිය යුතු බවයි.

“රනිල් වික්‍රමසිංහ අවංකවම වංචා, දූෂණ අවම කරන්න උත්සාහ ගන්නේ නම් පළමුවෙන්ම කළ යුත්තේ ඔහුගේ මිතුරා වන අර්ජුන් මහේන්ද්‍රන්ව ගෙන්නා අධිකරණයට ඉදිරිපත් කිරීමයි. අවංචා දූෂණ ගැන ආණ්ඩුවට පිළිබඳ රටේ ජනතාවගේ විරෝධයක් තිබෙනවා. තමන් වංචා දූෂණ නැති කරන්න කටයුතු කරනවා වැනි ප්‍රකාශ කිරීමෙන් පලක් නැහැ. තමන් ප්‍රායෝගිකව එය ඔප්පු කළ යුතුව තිබෙනවා. වංචාවට දූෂණයට එරෙහිව කටයුතු කරනවා නම්, රනිල් වික්‍රමසිංහ අධිකරණයෙන් ඔප්පු වුණු කැබිනට් දූෂිතයන් වහාම ඉවත් කළ යුතුයි. ප්‍රායෝගිකව තමනුත් සම්බන්ධ යැයි කියා විශාල ලෙස සමාජයේ ආන්දෝලනයට තුඩු දී තිබෙන මහ බැංකු වංචාවට සම්බන්ධ, අධිකරණයෙන් කට්ටි පනිමින් සිටින තමන්ගේ හිතමිතුරා අර්ජුන් මහේන්ද්‍රන් අධිකරණයට පමුණුවා මහබැංකු වංචාව සම්බන්ධ නඩු කටයුත්ත ඉදිරියට ගෙන යාම කළ යුතුයි. තමන් වංචාවට දූෂණයට එරෙහි බව ප්‍රකාශ කරනවා. එහෙත් ඔහුගේ කැබිනට් මණ්ඩලය තුළ ඔහුත් සම්බන්ධ යැයි කියන වංචා, දූෂණවලට සම්බන්ධ අය තබාගෙන සිටිනවා” ඔහු පවසනවා.

POPULAR

Recent articles