ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කරයි

මධ්‍ය කඳුකරයට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග ඉහළ කොත්මලේ, කාසල්රී, මාවුස්සාකැලේ, ලක්ෂපාන ඇතුළු ජලාශ කිහිපයක වාන් දොරටු මේ වනවිට විවෘත කර තිබෙනවා.

නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්ෂ රංජිත් අලහකෝන් සඳහන් කරන්නේ පස්කඳු කඩා වැටීම් හේතුවෙන් ඇතැම් මාර්ගවල වාහන ධාවනයට ද බාධා මතුව ඇති බවයි.

POPULAR

Recent articles