අල්කයිඩා නායක අයිමන් අල් සවාහිරි ඝාතනය කෙරේ

ඇෆ්ගනිස්ථානයේ සිදුකල ත්‍රස්ත මර්ධන මෙහෙයුමකදී අල්කයිඩා නායක අයිමන් අල් සවාහිරි ඝාතනය කල බව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් තහවුරු කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

විදෙස් මාධ්‍ය පවසන්නේ පසුගිය ඉරිදා ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවරදී CIA සංවිධානය විසින් සිදු කරන ලද ත්‍රස්ත විරෝධී මෙහෙයුමකදී ඔහු මියගොස් ඇති බවයි.

ඔහු සැඟවී සිටි ආරක්ෂිත නිවස්නයේ බැලකනියට ⁣ඩ්‍රෝන යානාවක් යොදාගනිමින් සිදු කල මිසයිල ප්‍රහාරයකින් ඔහු ඝාතනය කළ බව ඇමරිකානු බලධාරීන් කියා සිටිනවා.

2011 ඔසාමා බින් ලාඩන්ගේ මරණයෙන් පසු සවාහිරි අල්-කයිඩාව භාර ගත් අතර ඇමරිකාවට එල්ල කරන ලද 9/11 ප්‍රහාරයේ මහමොළකරුවෙකු ලෙසද සවාහිරි කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් දැක්වෙනවා.

POPULAR

Recent articles