භාරතයේ කෝකිලාවිය

ශ්‍රී ලංකාවේ 74 වැනි නිදහස් සංවත්සරය සමරා ගතවූයේ දින තුනකි. හරියටම වසර 68 කට එපිට සිංහල චිත්‍රපටයකට ලතා මංගෙෂ්කාර් ගැයූ දේශාභිමානි ගීතය ඔබට මතක ද?

‘‘ශ්‍රී ලංකා මාතා – ප්‍රියදර ජයභූමී

ජය භූමී – ජය භූමී – ශ්‍රී ලංකා

සරි දැරු හෙළ දිව පුරාතනේ

ජයකොඩි නැංවූ වීර විකුමැති මා

රම්‍ය දරුවනේ’’

1995 වසරේ තිරගත වූ ‘‘සැඩසුළං’’ චිත්‍රපටයට ලතා විසින් ගැයූ මේ ගීතය ඇය ගැයූ එකම සිංහල චිත්‍රපට ගීතය විය. ඇය සමඟ යුග ගායනයට එක් වූ එකම පසුබිම් ගායකයා වූයේ මොහිදීන් බෙග් ය. එහි කොටසකි මේ.

‘‘ඉදිරියටා යමු සැවොමා

නිදහස ලබනට බැමි

මේ ලංකාදීපයේ සුරම්‍ය

දූ පුතුන් අපියි උතුම්

විනීත වූ ගුණාංග ලෝක සාමයයි අපේ විකුම්’’

‘‘සැඩ සුළං’’ චිත්‍රපටයේ නිෂ්පාදක අධ්‍යක්‍ෂ ටී. සෝමසේකරන්ට තම චිත්‍රපටයට දේශාභිමානි ගීතයක් ඇතුළත් කිරීමටත්, එය ගායනා කිරීමට ඒ සඳහා ‘‘භාරත ගීත කෝකිලාව’’ ලෙස මුළු ලොවක් දැන සිටි ලතා මංගෙෂ්කාර් තෝරා ගැනීමටත් දොළ දුකක් පහළව තිබුණේය. කවදත් අලුත් යමක් කිරීමටත්, අභියෝග තුළින් එය දිනා ගැනීමට සූරයකු වූ සෝමසේකරන් මුලින්ම කළේ ලතා වඩාත් කැමති දේ ගැන රහසින් සොයා බැලීමය. ඇය මිල අධික ප්‍රංශයේ නිපද වූ ඉස්තරම් සුවඳ විලවුන්වලට හා ස්විට්සර්ලන්තයේ නිෂ්පාදනය කරන කිරි රසයෙන් යුත් ‘‘වයිට් චොකලට්’’වලට ආස බව දැනගත් සෝමසේකරන් ලතා හමුවීමට ගොස් ඒවා තෑගි කොට තමාගේ සිංහල චිත්‍රපටයේ දේශාභිමානි ගීතයට ඇරයුම් කළ බව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ආතර් යූ. අමරසේනට කියා තිබුණි.

ලංකාවේ තිරගත වූ ජනප්‍රිය හින්දි චිත්‍රපටවල ලතා විසින් ගැයූ ගීත අතිශයින්ම සිනමා ලෝලයන්ගේ සිත් ගත්තේය. මේ නිසා ඇය ලවා සිංහල චිත්‍රපටයක ගීතය ඇතුළත් කිරීමෙන් වෙළඳ වාසියක් ලබා ගැනීමටය. ලතාට තෑගි බෝග රැගෙන ගිය සෝමසේකරන් ‘‘මනෝ විද්‍යාව’’ දැන සිටි නිසාදෝ තම අභිමතාර්ථය ඉටු කර ගත්තේය. ඔහු ලතා හමුවීමට යාමට පෙර තමා කවුදැයි හඳුන්වාදෙන කෙටි විස්තරයක් ‘‘ටයිම්’’ සඟරාවේ පළ කරවා ගත් බව පැවසේ. ලතා ගැයූ දේශාභිමානි ගීතය රචනා කළේ ලංකාවේ ජාතික ගීය රචනා කළ ආනන්ද සමරකෝන් විසිනි. ඔහු මේ ගීතය රචනා කොට තනුවක් යොදා ලතාට සිංහල උච්චාරණය පුහුනු කර ඇති ආකාරය මහාචාර්ය සුනිල් ආරියරත්න විසින් ලියූ ‘‘සිංහල චිත්‍රපට ගීතාවලිය’’ (1947 – 1956) කෘතියේ සඳහන් වෙයි.

මේ අනුව ලතා විසින් ගැයූ එකම සිංහල ගීතය මෙය වන්නේය. මේ ගීතය සඳහා සංගීතය මෙහෙයවා ඇත්තේ දකුණු ඉන්දියාවේ ජනප්‍රිය සංගීත අධ්‍යක්‍ෂ ඇස්. දක්‍ෂිණමූර්ති විසිනි.

ආනන්ද සමරකෝන් විසින් ලතා මංගෙෂ්කාර්ට සිංහල උච්චාරණය හා ගීත පුහුණු කරවන විට, ඔහු සතුව තිබූ ගායන හා සංගීත දැනුම හා කුසලතාව ලතා අගය කොට ඇත. සමරකෝන් හා ලතා සමඟ කතා කර ඇත්තේ හින්දි භාෂාවෙන් බව ද පැවසේ.

ඉන්දියාවේ ප්‍රමුඛම සඟරාවක් වූ Indian Today සංවත්සර කලාපයේ භාරතයේ සුවිශේෂ චරිත ගැන අගනා ලිපි පළ වී තිබුණි. එහි ලතා මංගෙෂ්කාර් හඳුන්වා තිබුණේ Sweet Bird of Youth (යෞවනයේ ගීත කෝකිලාවිය) කියාය. ඉන්දු – චීන දේශ සීමා අරගලයේ මියගිය භාරතීය රණවිරුවන් සැමරූ අති මහත් ලක්‍ෂ සංඛ්‍යාත ජනතාව ඉදිරියේ අගමැති ශ්‍රී ජවහර්ලාල් නේරු හඬවමින් ලතා ගීතයක් ගැයුවාය. ඒ ගීතය නම් Ae mere watan Kelogon ගීතය බව India Today (Anniversary Issu 2005) සඟරාවේ පවසා තිබුණේ,

“Jawaharlal Nehru had tears in his eyes when he heard’ Ae mere watan ke logon”

ලතා අගය කළ බටහිර ගීත අතර බින්ග් කොස්බි (Bing Crosby), පැට් බූන් (Pat Boon), බීට්ල්ස් (Beatles) ගීත විශේෂයෙන් ඉහත සඟරාවේ සඳහන් වී තිබුණි.

ලතා වඩාත්ම ප්‍රිය කළ ගීතය ‘‘මධුමතී’’ චිත්‍රපටයේ එන ‘‘ආජාරේ පරදේෂි’’ ගීතය බවත්, තමා ගායන ශිල්පී, නළු කිෂෝර් කුමාර්ට සහෝදරයකුට මෙන් සැලකූ බව ද කියා තිබුණාය. මුකේෂ් හා කිෂෝර් ගේ ගීතවලට ඇලුම් කළ ඇයගේ ප්‍රියතම චිත්‍රපට සංගීතඥයන් වී ඇත්තේ සලල් චෞද්රි හා මදන් මෝහන් ය. ලතා ගීත 25,000 ක් ගයා 1974 ගිනස් වාර්තාවක් තබා ඇති බව (Guinness Book of Worls Records) බව Raju Bharatan විසින් 2010 වසරේ ලියූ Aj ourney Down Melody (බොලිවුඩයේ දශක හයක මතක සටහන්) කෘතියේ 121 පිටුවේ සඳහන් වේ. ඇය නිතර පළඳින නවරත්න මුදුව ප්‍රකට ඉන්දීය නළු හා ගායක කේ.එල්. සයිගාල් විසින් ඇයට තෑගි දුන් එකක් බවත් 1980 දී ඇමරිකාවේ පැවැත් වූ සංගීත ප්‍රසංගයක් සඳහා ඇයට ඇ.ඩො. 15,000 ක් හිමි වූ බවත් ‘‘ඉන්දියා ටුඩේ’’ සඟරාවේ පළවී තිබුණි.

1929 සැප්තැම්බර් 28 වැනිදා මහා රාෂ්ට්‍රයේ උපත ලැබූ ලතා මංගේෂ්කාර්ගේ පියා වූයේ මරාති නාට්‍ය වේදිකාවේ නළුවකු හා ගායකයකු වූ දිනනත් මංගෙෂ්කාර් ය. ඇගේ මව වූයේ ෂෙවන්ති ය. පවුලේ වැඩිමලා වූ ලතා ට ආශා බොන්ස්ලි, ඌෂා, මීනා කාඩිකර් හා හරේන්ද්‍රනාත් තම සහෝදරියන් තිදෙනෙක් හා සහෝදරයෙක් වූවාය. 1942 වසරේ තම ගායනයට පිවිසෙන්නේ තම පියා විසින් නිෂ්පාදනය කරන ලද වේදිකා නාට්‍යයක ගීතයක් ගායනා කරමිනි. ඇගේ මුල් නම ‘‘ලතිකා’’ ය. පසුව ඇය ලතා නමින් ගායන ක්ෂේත්‍රයට සම්බන්ධ වූ ඉන්දියානු භාෂා 36 කින් ගීත ගායනා කළාය.

ලංකාවේ තිරගත වූ Andaz, Albela, Awaara, Tarana, Baiju Bawra, Anrkalai, Amar, Devdas, Shri 420, Madhumati චිත්‍රපටවල එන ඇය ගැයූ ගීත අතිශයින්ම ජනප්‍රිය වී ඇත.

ලතා දරදඬු, හිතුවක්කාර චරිතයක් බව ඇය අගනා ජනප්‍රිය ගීත රැසක් දායාද කළ නෞෂාද් අලි, අපේ ජනප්‍රිය නවකතාකරුවකු, චිත්‍රපට කතා රචකයකු වූ ඩීමන් ආනන්දට කියා තිබුණේය. 2002 වසරේ මුම්බායි හි බන්ද්‍රා හි පිහිටි නෞෂාඩ්ගේ නිවසට ගිය ඩීමන් ආනන්ද ට කියු මේ කතාව ඔහු විසින් ලියන ලද ‘‘ස්වරදේව නෞෂාද්’’ කෘතියට ඇතුළත්ව ඇත. ඉන් කොටසකි මේ.

‘‘1954 වන තෙක් ලතාගේ කිසිම සහයෝගයක් නැතිව ගීත ගායනයට අවතීර්ණව වසර හයකට පසු ආශාට (ලතාගේ නැගණිය) හින්දුස්ථානි සිනමාවේ පසුබිම් ගායිකාවක් ලෙස ඉදිරිපත් කිරීමට හැකි වූවාය. ඒ නෞෂාද් ගේ අමනාපය මුසු හිතවත්කම සමඟය. මෙයට හේතුව නෞෂාද් චිත්‍රපට අධ්‍යක්‍ෂ මෙහෙවුබ්ගේ ‘‘අමර්’’ චිත්‍රපයේ අවසන් කටයුතු කරගෙන යන අතර ලතා රෝගාතුරවීම නිසා ය. ලතාට වැළඳුණ අස්ථි රෝගය නිසා වසර ගණනාවක් ඉදිරියට තිබුණු සියලු පටිගත කිරීම් අවලංගු කිරීමට ඇයට සිදුවිය. උදෑසන පිවිසෙන විට 75% ක හොඳ තත්ත්වයේ සිටිය ද ලතා සියලුම පටිගත කිරීම් අවලංගු කළාය.

මේ සියල්ල 100% අකුරටම කළ යුතු බැව් ඇය පිළිගත් විශ්වාස කළ හෙයිනි. සංගීත අධ්‍යක්‍ෂවරු කොතෙක් ඇවිටිලි කළත් ඇය සියල්ල ප්‍රතික්ෂේප කළාය. ඇගේ මෙම දරදඬු ආකල්ප වෙනස් කිරීමට සංගීත අධ්‍යක්‍ෂ නෞෂාද්ට පවා මොනම අයුරකින් හෝ නොහැකි විය. නෞෂාඩ් ‘‘අමර්’’ චිත්‍රපටය වෙනුවෙන් තවත් ගීත දෙකක් පටිගත කිරීමට ද ඉතිරිව තිබුණි. මෙම කටහඬ පිළිබඳ තත්ත්වය පාලනයේ ස්ථාවරය නෞෂාද්ට පවා වෙනස් කළ නොහැකි විය.

ලතා මංගෙෂ්කාර් ගැන වරක් භාරතයේ ජනප්‍රිය නළුවකු වූ දිලිප් කුමාර් පවසා තිබුණේ ඇය ‘‘සංගීත අඹරේ පෑයූ ඉහළම තරුව’’ ලෙසය. රංගවේ දී සුනිල් දත් පවසා තිබුණේ ‘‘ගීත කෝකිලාවක් ලෙස ලතා දේශපාලනඥයන් 500 කට කරන්න බැරි මෙහෙවරක් කර ඇති බවය.

චිත්‍රපට අධ්‍යක්‍ෂ හරිකේෂ් මුකර්ජි ‘‘ලතා සරස්වතී දේවියට සමාන’’ යයි කියා තිබුණි. මේ සියල්ල Yesterday’s Malodies To day’s Memories” කෘතියේ 276 පිටුවේ සඳහන් වෙයි.

භාරතයෙන් පිදෙන ඉහළම සම්මාන වූ ‘‘භාරත රත්න’’ පද්ම විභූෂණ, සම්මාන ඇතුළු සම්මාන රැසකින් පිදුම් ලැබූ ලතා ගැන වාර්තා චිත්‍රපට කිහිපයක් නිර්මාණය කර ඇත. ඇගේ ජීවිත කතාව සහිත “Saaz” චිත්‍රපටයක් ද නිර්මාණය විය.

තම ජීවිතයේ 93 වන වියට පා තබමින් සිටිය දී මේ වසරේ ජනවාරි මස අසනීප වූ ඇය කොරෝනා රෝගයෙන් පසු වැළඳුන නිව්මෝනියා රෝගයෙන් මිය ගියාය.

ලංකාදීප වෙබ් පිටුවෙන් උපුටා පළකරන ලදී.

More from author

රට කරවන්න දියවන්නාවට ගොස් වසර 40යි

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි වර්තමාන ගොඩනැගිල්ලේ ස්ථාපිත කොට අදට (29) වසර 40 ක් සපිරෙනවා. ගාලු...

ලෝක මැලේරියා දිනය අදයි (25)

ලෝක මැලේරියා දිනය අදට (25) යෙදී තිබෙනවා. වෛද්‍යවරු පවසන්නේ මැලේරියා රෝගය ලොව පුරා මනුෂ්‍ය සංහතියට ප්‍රබල බලපෑමක් කරන...

‘අරගලයට නිවැරදි මගපෙන්වීම ලබාදීම වැඩකරන ජනතාවගේ වගකීමක්’ ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ.ඩී....

ශ්‍රී ලංකාව රටක් විදිහට දැන් ගෙවමින් ඉන්නේ ඉතිහාසයේ පෙර නොවූ විරූ තත්ත්වයක්. වැඩ කරන ජනතාව, මේ රටේ...

රට ගොඩගැනීමට ඉදිරිපත් කළ IMF නිර්දේශ

මෑතක දී සංවාදයට ලක්වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාව මාර්තු 25 වැනිදා ප්‍රසිද්ධ කරනු...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related posts

Latest posts

“ශ්‍රී ලංකාවේ අනාගතය ගැන ඇමරිකානු ජනාධිපති ඉතා උනන්දුවෙන් පසුවනවා” – ඇමරිකානු නියෝජිත පිරිස පවසයි

ශ්‍රී ලංකාවේ අනාගතය ගැන ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් ඉතා උනන්දුවෙන් පසුවන බවත් මෙරට සංචාරයක නිරතවන ඇමරිකානු නියෝජිත පිරිස පවසා තිබෙනවා. එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග...

තමිල්නාඩු – කන්කසන්තුරේ අතර නැව් සේවාවට ආරක්ෂක අමාත්‍යංශයේ අනුමැතිය

තමිල්නාඩු හා කන්කසන්තුරේ වරායන් අතර භාණ්ඩ නැව් සේවාව සඳහා ආරක්ෂක අමාත්‍යංශ අනුමැතිය හිමිවී ඇති බව ධීවර අමාත්‍යංශය පවසනවා. අමාත්‍ය ඩග්ලස් දේවානන්ද සඳහන් කරන්නේ තමිල්නාඩුවේ පොන්ඩිචේරි,...

“ඩොලර්වලින් උපයන අය ඩොලර්වලින්ම විදුලි බිල ගෙවිය යුතුයි” – මහජන උපයෝගීතා කොමිසම

තමන්ගේ ආදායමෙන් 60% කට වඩා විදේශ විනිමය උපයන පෞද්ගලික හෝ රජයේ ආයතන ඇත්නම් එම ආයතන සිය මාසික විදුලි බිල්පත ඩොලර්වලින් ගෙවිය යුතු බවට කොන්දේසියක්...