”හෙට (01) සිට ඉන්ධන නිකුත් කිරීම QR කේතයට පමණයි” – බලශක්ති අමාත්‍යාංශය

ජාතික ඉන්ධන අවසර පත්‍රය ලබා ගැනීමට චැසි අංකයෙන් ලියාපදිංචි වීමට නොහැකි රථ වාහන සඳහා අද (31) සිට ආදායම් බලපත්‍ර අංකය සමග ලියාපදිංචි වීමට හැකියාව පවතින බව විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. මෙතෙක් ඉන්ධන අවසර පත්‍රය ලබා ගැනීමට ගැටලු පැවති සියලු ක්ෂේත්‍ර සඳහා මේ වන විට අවශ්‍ය විසදුම් ලබා දී ඇති බවයි ඔවුන් කියන්නේ.

ජාතික ඉන්ධන අවසර පත්‍රය හෙවත් QR ක්‍රමවේදය සහ කෝටා ක්‍රමය යටතේ හෙට (01) සිට දිවයින පුරා ඉන්ධන බෙදා හැරීමේ කටයුතු ආරම්භ කිරීමට සියලු සැලසුම් සකස් කර තිබෙන බව අමාත්යංශය පවසනවා. ඒ අනුව, අවසන් ඉලක්කම මත පදනම් වූ අංක තහඩු ක්‍රමය, ටෝකන් ක්‍රමය සහ මෙතෙක් ක්‍රියාත්මක වූ අනෙකුත් ක්‍රමවේද හෙට දිනයේ සිට නැවත දැමෙන බව පවසනවා.

දිවයින පුරා ඉන්ධන පිරවුම්හල්වලින් තමන්ට අදාළ ඉන්ධන කෝටාව ලබා ගැනීම සඳහා සතියක කාලයක් පවතින බැවින් හෙට දිනයේ සිට ඉන්ධන පිරවුම්හල්වලට රැස්වී තදබදයක් ඇතිවන ලෙස කටයුතු කිරීමෙන් වළකින ලෙස විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය ඉල්ලීමක් ද කරනවා.

QR ක්‍රමවේදය යටතේ ඉන්ධන නිකුත් කිරීම මගින් 70%කින් පමණ ඉන්ධන පරිභෝජනය අඩුවනු ඇති බව ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය පවසා තිබෙනවා. එහි සමලේකම් ශාන්ත සිල්වා පවසා ඇත්තේ ඉරිදා දිනයක් වුවද අද දිනයේත් ඉන්ධන බෙදා හැරීමේ කටයුතු සිදුකිරීමට සැලසුම් කර ඇති බවයි.

POPULAR

Recent articles