අත්‍යවශ්‍ය ඖෂධ භාර දෙයි

පවතින සමාජ-ආර්ථික අර්බුදයේ ක්ෂනික අවශ්‍යතා ආමන්ත්‍රණය කරමින්, ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) සමඟ එක්ව රටට අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය සැපයුම් ලබා ගැනීමට සහ ලබා දීමට ඉදිරිපත් වී ඇත. එක්සත් ජාතීන්ගේ මධ්‍යම හදිසි ප්‍රතිචාර අරමුදලේ (CERF) මූල්‍ය අනුග්‍රහය ඇතිව මෙය ලභාදී තුබුණි.

එම ඖෂධ සහ වෛද්‍ය සැපයුම් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත භාරදීම අද පෙරවරුවේ අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඉදිරියේ සිදු කෙරිණි. එය ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක H.E. Hanaa Singer-Hamdy, ශ්‍රී ලංකාවේ UNDP භාර නිලධාරී Malin Herwig, WHO හි ශ්‍රී ලංකා නියෝජිත Dr. Alaka Singh සහ හවුල්කාර සංවිධානවල පුළුල් නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වුනා.

POPULAR

Recent articles