කැලණිතිස්ස නවතියි

ඉන්ධන නොමැතිවීම හේතුවෙන් මේ වනවිට කැලණිතිස්ස බලාගාරය සම්පූර්ණයෙන් අක්‍රීය වී ඇති බව විදුලි ඉංජිනේරුවන් පවසනවා.

විදුලි ඉංජිනේරු සංගමය සඳහන් කරන්නේ ඉන්ධන නොමැතිවීමෙන් එලෙස අක්‍රීය වූයේ සංයුක්ත චක්‍ර බලාගාරය, ජී පී 7 සහ ජී පී 16 යන බලාගාර බවයි.

කෙසේ වුවද ඒ හේතුවෙන් ජාතික විදුලි පද්ධතියට අහිමි වි ඇති මෙගාවොට් ප්‍රමාණය 280 ක් වනවා.

එම බලාගාර යළි පණගැන්වීමට ඉන්ධන ලබාදීමට මෙතෙක් යහපත් ප්‍රතිචාරයක් ලැබී නොමැති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

කෙසේවෙතත් මහජන උපයෝගීතා කොමිෂන් සභාව ප්‍රකාශ කරන්නේ සතියක් සඳහා අවශ්‍ය ඉන්ධන ලබාදීමට බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල එකගතාව පළ කර ඇති බවයි.

POPULAR

Recent articles