”ලංකාවේ මිනිස්සු ඉන්නේ ඊළඟ ආහාරවේල සොයාගැනීම පිළිබඳ අර්බුදයක” – සරෝජි සාවිත්‍රි පෝල්රාජ්

මේ වනවිට ශ්‍රී ලංකාවේ ජනතාවගෙන් දහයෙන් තුන්දෙනෙකු ඊළඟ ආහාරවේල සොයාගැනීම පිළිබඳ බලවත් අර්බුදයක ගිලී සිටින බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සරෝජි සාවිත්‍රි පෝල්රාජ් පවසනවා.

ලෝක ආහාර හා සෞඛ්‍ය සංවිධානය ඒ බව පැහැදිලිවම හෙළිකර තිබෙන බවයි ඇය කියන්නේ. දරුවට කිරිපිටි, ඖෂධ, ගෑස් සහ ඉන්ධන පෝලිම්වල දුක්විඳින් කාන්තාවන් ප්‍රමුඛ සියලු දෙනාගේ වේදනාව අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානය ලෙසත් ජාජබ ලෙසත් තම කණඩායම මැනවින් තේරුම්ගෙන තිබෙන බව ඇය සඳහන් කරනවා.

ගෝල්ෆේස් පිටියේ පමණක් නොව රට පුරා අස්සක් මුල්ලක් නෑරම මවුවරුන් පියවරුන් සහෝදර සහෝදරියන් ඇතුළු පවුල් පිටින් අරගලයට පාරට පැමිණි බවයි ඇය පවසන්නේ. බරපතල ලෙස ආණ්ඩුවට නැගී ආ විරෝධය තවමත් අවසන් වී නැති බවත් විකෘති පාලනයෙන් හැකි ඉක්මනින් ඉවත් වී ජනතවාදී පාලනයක් පිහිටුවාගෙන යහපත් අනාගතයක් ගොඩනගා ගතයුතු බව ඇය අවධාරණය කරනවා.

POPULAR

Recent articles