කුසල්ගේ අකුසල් පල දෙයිද?

කුසල්ගේ අකුසල් පල දෙයිද?

මාරක රිය අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් රුපියල් ලක්ෂ 10 ක ශරීර ඇප දෙකක් මත මුදාහැර තිබෙනවා. ඒ පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

පානදුර උතුර පොලිස් වසමේ පරණ ගාලු පාර, හොරෙයිතුඩුව ප්‍රදේශයේ දී මෙම අනතුර සිදුවුණා. එහි දී ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් ධාවනය කළ මෝටර් රථයේ ගැටී පාරේ ගමන් ගත් පාපැදිකරුවෙකු ජීවිතක්ෂයට පත් වුණා.

අත්අඩංගුවට ගත් කුසල් මෙන්ඩිස් පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කළා. ඔහුගේ රියදුරු බලපත්‍රය අත්හිටුවීමට නියෝග කළ අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා මියගිය පුද්ගලයා වෙනුවෙන් රුපියල් ලක්ෂ 10 ක මුදලක් සැප්තැම්බර් 9 වන දාට පෙර ලබාදීමට නියෝග කළා.

අද දිනයේ දී මියගිය පුද්ගලයාගේ අවසන් කටයුතු සඳහා රුපියල් ලක්ෂ 2 මුදලක් ලබාදීමට කටයුතු කර තිබෙනවා.

මියගිය පුද්ගලයා ගොරකාපොළ පානදුර උතුර ප්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි පුද්ගලයෙක්.

මෙම සිදුවීම පිළිබඳව සමාජ මාධ්‍යවල දැඩි කතාබහට ලක් වී තිබුණා. එහි දැක්වුණු ප්‍රකාශවලින් පහත දැක්වෙන ප්‍රශ්නවලට සමාජමාධ්‍ය ක්‍රියාකාරිකයින් පිළිතුරු විමසා සිටියා,

1 මිනිස් ජීවිතයක වටිනාකම රුපියල් ලක්ෂා 10 ද ?

2 ක්‍රිකට් ක්‍රීඩකයෙකු අනියම් මිනීමරුමකට සම්බන්ධනම් පසුදාම ඔහුට ඇප ලබාගත හැකි ද ?

3 නීතිය ඇති නැති අයට බලපාන්නේ දෙවිදිහකට ද ?

යන්න විමසා බොහෝ දෙනෙක් මත පළකර තිබුණා.

ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයින් මෙලෙස හැසිරුණු පලමු අවස්ථාව මෙය නොවේ. තම වාහනවලට යටකොට මිනිසුන් මරා දැමූ පළමු අවස්ථාව ද මෙය නොවේ. සාමාන්‍ය පුද්ගලයෙකු අතින් මෙවැනි අනතුරක් සිදුවුවහොත් අනතුරට ලක් වූ පුද්ගලයා මියයාම කෙසේවෙතත් එම තැනැත්තාගේ තත්වය අවධානම් නම් රිය පැද වූ තැනැත්තාව අනිවාර්‍යෙන් රක්ෂිත බන්ධනාගාරගත කරයි. සාමාන්‍ය නීතිමය තත්වය එයයි. නමුත් ක්‍රිකට් ක්‍රීඩකයෙකු වූ පමණින් කුසල් මෙන්ඩිස්ට එක්දිනෙකින් ඇප ලබාගැනීමට හැකි වූයේ නූගත් ගැමියන්ට අනුව පෙර පින් ඇති නිසා ද ? නැතහොත් නීතියේ කොතැනක හෝ සිදුරක් ඇති නිසා ද යන්න ඈත ගම්බද පළාතක ජීවත්වන නූගත් ගැමියෙක් ප්‍රශ්න කර සිටී.

POPULAR

Recent articles