අද (25) විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්

අද (25) දිනයේ දි විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඩෙංගු අධිවසංගත තත්ත්වයක් ඇතිවීමේ අවදානම සැලකිල්ලට ගෙන මෙය සැලසුම් කර ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඉන්දික වීරසිංහ සඳහන් කරනවා.

ඉකුත් ජනවාරි මාසයේ සිට මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 43,000 කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති බවස ඔහු පෙන්වා දෙනවා.

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඉන්දික වීරසිංහ වැඩිදුරටත් සඳහන් කරන්නේ නිවාස පරිශ්‍රවලට වඩා පොදු ස්ථාන, කර්මාන්ත ශාලා හා ඉදිකිරීම් පරිශ්‍රවල මදුරුවන් බෝවීමේ වැඩි ප්‍රවණතාවක් දක්නට ලැබෙන බවයි.

POPULAR

Recent articles