“එකම විසඳුම මැතිවරණයකට යාමයි” – එම්. ඒ. සුමන්දිරන්

රටේ පවතින ආර්ථික හා දේශපාලන අර්බුදවලට එකම විසඳුම පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන් ඉල්ලා අස්වී මැතිවරණයකට යෑම බව දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්දිරන් පවසනවා.

බහුතර ජනතාව වත්මන් ජනාධිපතිවරයා හා අගමැතිවරයාව ප්‍රතික්ෂේප කරන නිසා තවදුරටත් ඔවුන් එම තනතුරුවල රැඳී සිටිම ඵලක් නොමැති බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

වත්මන් ආණ්ඩුව, ආණ්ඩුවක් ලෙසින් පිළිගත නොහැකි බවත් එසේ පිළිගැනීමට කිසිදු හේතුවක් නොමැති බවත් මන්ත්‍රීවරයා පවසනවා.

POPULAR

Recent articles