ජෙයරාජ් ඝාතනයේ සැකකරුවන් නිදොස් කොට නිදහස්

හිටපු අමාත්‍යවරයෙකු වූ ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ඇතුළු 16 දෙනෙකු ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන මෙතෙක් කලක් රක්ෂිත බන්ධනාගර ගත කර සිටි සැකකරුවන් දෙදෙනෙකු නිදොස් කොට නිදහස් කර තිබෙනවා. ගම්පහ මහාධිකරණ විනිසුරු සහන් මාපා බණ්ඩාර විසින් අද (01) නඩුව කැඳවූ අවස්ථාවේ දී එම තීන්දුව ලබා දුන්නා.

එලෙස නිදොස් කොට ඇත්තේ හිටපු LTTE සාමාජිකයෙකු බව කියූ සෙල්වරාජා තිරුබාකරන් සහ හිටපු සහකාර පොලිස් අධිකාරි සෙනරත් ලක්ෂමන් කුරේ නැමැති දෙදෙනා යි.

2008 වර්ෂයේ අප්‍රේල් මස 6 වෙනිදා වැලිවේරිය කාන්ති ක්‍රීඩාංගණය අසලදී මරාගෙන මැරෙන ප්‍රහාරයකදී හිටපු ඇමැති ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ඇතුළු 16 දෙනකු ඝාතනය කිරීම සහ තවත් පුද්ගලයන් 84 දෙනෙකු ඝාතනය කිරීමට තැත්කිරීම, එම ඝාතන කුමන්ත්‍රණය කිරීම ඇතුළු චෝදනා 31ක් යටතේ නීතිපතිවරයා විසින් හිටපු සෙල්වරාජා තිරුබාකරන් ගම්පහ එවකට හිටපු සහකාර පොලිස් අධිකාරි සෙනරත් ලක්ෂ්මන් කුරේට එරෙහිව චෝදනා ගොනු කර තිබුණා.

අදාළ චෝදනා සලකා බැලූ ගම්පහ මහාධිකරණ විනිසුරු සහන් මාපා බණ්ඩාර විසින් එම සැකකරුවන් අදාළ චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරනු ලැබුවා.

POPULAR

Recent articles